Sunday, September 8, 2024
HomeEntertainmentආසියාවේ ප්‍රබලයින් අතරට ගිය ඩිනාරා!

ආසියාවේ ප්‍රබලයින් අතරට ගිය ඩිනාරා!

ෆෝබ්ස් සඟරාව විසින් 09 වැනි වරට ප්‍රකාශට පත් කළ “30 අන්ඩර් 30 ඒෂියා” ලැයිස්තුවට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා ඇතුලත්වීමට සමත්ව තිබෙනවා.

විනෝදාස්වාදය හා ක්‍රීඩා අංශයට විවිධ ක්ෂේත්‍ර හරහා තරුණ නායකයින් ලෙස හඳුනාගත් 300 දෙනෙකු අතුරිනුයි මෙම ඇතුලත්වීම සිදුව ඇත්තේ.

කාණ්ඩ 10ක් යටතේ එම ලයිස්තුවට පුද්ගලයන් තොරාගෙන ඇති අතර රසවින්දන සහ ක්‍රීඩා අංශයෙන් ඇය මෙම ලැයිස්තුවට ඇතුළත්ව තිබෙනවා.

ඇයගේම චිත්‍රපයක්වන “මාලා” චිත්‍රපටය හරහා 2018 වසරේ චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසෙන ඇය එම චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලකදි ප්‍රදර්ශනය වීමත් සමග ගාඩි චිත්‍රපටයටද රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා කරගන්නවා.

ඩිනාරා ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන අතර අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට රංග කලාව සහ රංගනය හඳුන්වාදීම සඳහා කැපවූ ලාබ නොලබන ආයතනයක් වන Punchi Actors ආයතනයේ නිර්මාතෘවරියද වෙනවා

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments