Monday, September 16, 2024
HomeLocal Newsගෑස් ටැංකිය රනිල් ඉදිරියේ ම පුපුරයි!

ගෑස් ටැංකිය රනිල් ඉදිරියේ ම පුපුරයි!

පොහොට්ටු පක්ෂයේ සිට රනිල් වික්‍රමසිංහ පිලට එක් වූ මන්ත්‍රී පිරිස මේ වනවිට වෙනම පක්ෂයක් පිහිටුවා ගෙන ඇති අතර ඉදිරි ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එය දැඩි ඍණාත්මක බලපෑම් සිදු කරනු ඇති බවට විචාරකයෝ අදහස් පළ කර ඇත.

ඊයේ (05) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ“ නමින් දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් එම පක්ෂය පිහිටුවා ගනු ලැබීය. එහි ලේකම් ලෙස ඇමති රමේෂ් පතිරණ පත් කර ගෙන සිටී.

මේ ආකාරයට රනිල් පිල තුළ ම වෙනත් සන්ධානයක් ප්‍රබල වීම තුළින් රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ පොරොන්දු මුලුමනින්ම බිඳ වැටෙන බව විචාරකයන් පෙන්වා දී තිබේ. ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ද “වියත්මග“ නැමැති සංවිධානය ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ප්‍රබලම වැඩ කොටසක් සිදු කර මුල් වටයේ දී ම ඔවුන් ගෝඨාභය රාජපක්ෂව අත්හැරීමට සිදු වූ ආකාරයත් සන්සන්දනාත්මකව ගෙන කරුණු දක්වති.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments