Monday, September 16, 2024
HomeLocal Newsබීෆ් කොත්තුවේ බලු මස් - සීල් තැබූ අවන්හල මෙන්න!

බීෆ් කොත්තුවේ බලු මස් – සීල් තැබූ අවන්හල මෙන්න!

යාපනය තෙල්ලිපලෙයි නම් ප්‍රදේශයෙක් එක්තරා අවන්හලක් හරක් මස් වෙනුවට බලු මස් ලබාදී තිබීම හේතුවෙන් ප්‍රමිතියෙන් තොර ආහාර ලබාදීමේ චෝදනාව මත එම අවන්හල අද (17දා) සීල් තබා තිබෙනවා.

පෙරේදා (15දා) හවස එක්තරා පුද්ගලයෙක් මෙම ආපන ශාලාවෙන් හරක් මස් කොත්තුවක් මිලට ගෙන තිබේ.

නමුත් එහි සැක සහිත ලෙස පෙනෙන ලොම් ගොඩක් සහිත මස් කැබැල්ලක් හමුවී තිබෙනවා.

මේ හේතුවෙන් අදාල පුද්ගලයා ඒ පිළිබඳ වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර ඇත.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඊට එදින කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

මේ හේතුවෙන් එම පුද්ගලයා වෙළඳසැලෙන් ආහාර ලබා ගත් කුවිතාන්සිය සහ එම මස් ඇතුලත් ඡායාරූපයක් තෙල්ලිපලෙයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අවධානයට යොමු කර ඇත.

ඉන් අනතුරුව ප්‍රමිතියෙන් තොර මස් ලබාදීම සම්බන්ධයෙන් ද පැමිණිල්ලක්ද කර ඇත.

එම පැමිණිල්ලට අනුව ඊයේ (17දා) ආපනශාලාව පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ආහාරයට නුසුදුසු මස් වර්ග රැසක්ම සොයාගෙන තිබෙනවා.

එමෙන්ම ආහාර අපිරිසිදුව තබාගැනීම, මස් කැපීම සඳහා මස් මිලදීගත් රිසිට්පත් නොමැතිකම ආදී විවිධ කරුණු මෙහිදී හඳුනාගෙන ඇත.

අනතුරුව එම ආපන ශාලාව සම්බන්ධයෙන් මල්ලාකම් අධිකරණයේ නඩුවක් ගොනුකර, රුපියල් 65,000ක දඩයක් සහිතව අවන්හල මුද්‍රා තබා ඇත.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments