Thursday, September 19, 2024
HomeLocal Newsඉරාන ජනපති හමුවෙන්න සජිත්ට වෙලාවක් නෑ!

ඉරාන ජනපති හමුවෙන්න සජිත්ට වෙලාවක් නෑ!

තමන් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි හමුවීම ප්‍රතික්ෂේප කළ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, සිය X ගිණුමේ සටහනක් තබමින්.

‘රනිල්ගේ’ ජනමාධ්‍ය ද්වේශසහගත උත්සාහය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි, සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ.

සුපුරුදු පරිදි පරාජිත සහ සදාචාරාත්මක බංකොලොත් දේශපාලකයෝ රටේ ජනතාව රවටා තබා ගැනීම සඳහා අසත්‍ය ප්‍රචාරවලට යොමු වන බව ද ඔහු පෙන්වා දෙනවා.

I completely refute the malicious attempt by ranil media which insinuates that I refused to meet with the Iranian president. As usual the defeatist and morally bankrupt politicians are resorting to falsehoods to hoodwink the people of our country.— Sajith Premadasa (@sajithpremadasa) April 26, 2024

සමගි ජනබලවේයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කර සිටියා.

එහි දී ඔහු පැහැදිලි කළේ, ඉරාන තානාපති කාර්යාලය විපක්ෂ නායකවරයාට ඉරාන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා වේලාවක් ලබා දී නොමැති බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන ජනාධිපතිවරයා වෙනුවෙන් පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි නොවීම පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් පවත්වනු ලබන උත්සවවලට සහභාගි නොවන බවයි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments