Thursday, September 19, 2024
HomeLocal Newsබර වාහන පදින්න ලිතුවේනියාවට ගිය 106ක් දැන් ඉන්න තැන!

බර වාහන පදින්න ලිතුවේනියාවට ගිය 106ක් දැන් ඉන්න තැන!

ලිතුවේනියාවේ බර වාහන රියැදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනකු එරට සිරවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

ඒ, එම කණ්ඩායමේ සිටි ලිතුවේනියාවෙන් පිටුවහල් කර පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් ඊයේ (26) සිදු කළ ප්‍රකාශයකින්.

මෙම පිරිස රැකියා, ආහාරපාන සහ නවාතැන් පහසුකම් නොමැති වීම නිසා යුරෝපයේ අතරමං වී සිටින බව සඳහන්.

ශ්‍රී ලාංකීකයන් 108 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් රැකියා සඳහා විදේශ ගත වී ඇත්තේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහායි.

එම කාර්යංශයේ ලියාපදිංචි කොළඹ රැකියා නියෝජිත ආයතනයකට රුපියල් ලක්ෂ 12ක මුදලක් ගෙවා බර වාහන රියැදුරන් ලෙස සේවය කිරීම සඳහා ලිතුවේනියාවට පිටත්ව ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ලිතුවේනියාවේ සිට මෙරටට පැමිණි ගාල්ල උණවටුන ප්‍රදේශයේ පදිංචි එන්.ඩබ්ලිව්. ප්‍රියන්ත මහතා මෙලෙස අදහස් පළ කළා.

”මම කොළඹ වරායේ බර වාහන රියැදුරකු ලෙස සේවය කරමින් සිටියා. මටම අයත් බර වාහන දෙකකුත් වරායේ සේවයට යොදවා තිබුණා.

නමුත් ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන ආර්ථික තත්වය යටතේ එම වාහන විකුණා, රත්තරන් බඩු උගස් කර, අපි රජයේ මැදිහත්වීමෙන් කොළඹ රැකියා නියෝජිත ආයතනයකට රුපියල් ලක්ෂ 12ක් ගෙවා ලිතුවේනියාවේ බර වාහන රියැදුරන් ලෙස සේවය කිරීමට යෑමට සූදානම් වුණා.

මේ මුදලට අමතරව ගුවන් ටිකට්පත් ඇතුළු තවත් බොහෝ දේ අපි මිලදී නවාතැන් පහසුකම් සලසා ගත්තා. ඊට අමතරව ගත්තා. ආහාරපාන වෙනම මිලදී ගත්තා.

අපි ලිතුවේනියාව බලා පිටත්ව යන උත්සව අවස්ථාවට අගමැති දිනේෂ් ගුණවර්ධනත් පැමිණ සහභාගී වී සිටියා. ඒ නිසා අපි විශාල බලාපොරොත්තුවක් රඳවා ගෙන තිබුණා.

අප ශ්‍රී ලංකාවෙන් ගිය පිරිස අතරින් අපි ලිතුවේනියාවට ගියාට පසුව, එරට ‘මාන්වෙස්ටා’ සමාගම දෙදෙනකුට පමණක් බර වාහන රියැදුරු තනතුරු දී, අනෙක් පිරිස ඌරු කොටුවල රැකියා සඳහා යොමු කළා.

අපි සියලුදෙනා බර වාහන පැදවීම පිළිබඳ සුදුසුකම්ලත් රියැදුරන්. ඌරු කොටුවේ රැකියාවට අපි කැමැති වුනේ නැහැ. ඒ නිසා ලිතුවේනියා රජය වසර දෙකකට අපට දී තිබූ නේවාසික වීසා බලපත්‍ර අහෝසි කළා.

ඊට පස්සෙ අපි දවසකට යුරෝ 10ක් වැයකර අපි මේ පිළිබඳ ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය සරත් ජයන්ත පීරිස් වෙත දැනුවත් කිරීමෙන් පසුව මෙසේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළා.”

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments