Monday, September 16, 2024
HomeSportsලකුණු බින්දුවට කුඩුලු 07යි!

ලකුණු බින්දුවට කුඩුලු 07යි!

ඉන්දුනීසියානු විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නියක වන 17 හැවිරිදි රෝමාලියා රෝමාලියා විසින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ ලකුණු 0කට කඩුලු 07ක් දවා ගනිමින්.

මොංගෝලියානු කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි විස්ස තරගයකදීයි ඇය මෙම වාර්තාව තබා ඇත්තේ.

එහි දී ඇය විසින් පන්දුවාර 3.2ක් යොමු කර නිලකුණු පන්දුවාර 3ක් යොමු කර කිසිදු ලකුණු ලබා නොදී කඩුලු 07ක් දවාගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම තරගය රෝමාලියාගේ මංගල තරගය වීමත් විශේෂත්වයක්.

එහි දී රෝමාලියා රෝමාලියා විසින් ක්‍රියාත්මක කළ 10 වන පන්දුවාරයේ පළමු, සිව්වන සහ පස් වන පන්දුවලින් කඩුලු තුනක් දවාගත්තා.

අනතුරුව ඇය විසින් 12 වන පන්දුවාරය තෙවන පන්දුවේ දී තවත් කඩුල්ලක් දවා ගැනීමටයි සමත් වුණේ.

රෝමාලියා රෝමාලියා විසින් 14 වන පන්දුවාරයේ දෙවන සහ පස්වන පන්දුවල දී තවත් කඩුලු දෙකක් බිඳ හෙළුවා.

ඉන් අනතුරුව 16 වන පන්දුවාරයේ දෙවන පන්දුවේ දී මොංගෝලියානු කණ්ඩායමේ කඩුල්ල දවා ගැනීමටයි ඇය සමත් වුණේ.

මීට පෙර එම වාර්තාව හිමි කරගෙන සිටියේ, නෙදර්ලන්තයේ Frederique Overdijk සහ ආර්ජන්ටිනාවේ Alison Stocks නම් ක්‍රීඩිකාවන් දෙදෙනෙක්.

Frederique 2021 වසරේදී ප්‍රංශය ට එරෙහිව ලකුණු 3කට කඩුලු 7ක් දවාගෙන තිබුණා.

Stocks පේරු කණ්ඩායමට එරෙහිව 2022දී එම වාර්තාව සම කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මොංගෝලියානු කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගය ඉන්දුනීසියානු කණ්ඩායම ලකුනු 127කින් ජයගැනීමට ද සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දුනීසියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 151ක්.

ජයග්‍රහණය සඳහා ලකුණු 152ක ඉලක්කයක් හඹා ගිය මොංගෝලියානු කණ්ඩායමට පන්දුවාර 16.2ක් තුළ සියලු දෙනා දැවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 24ක් පමණයි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments