Thursday, November 21, 2024
HomeLocal Newsජාඇල සම්බාහන මධ්‍යස්ථානයේ ගණිකා මඩමක්!

ජාඇල සම්බාහන මධ්‍යස්ථානයේ ගණිකා මඩමක්!

ජාඇල පොලිස් වසමේ ආයුර්වේද බලපත්‍රයක් නොමැතිව සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා මඩමක් වටලා තරුණියන් 8 දෙනකු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.

මෙම නීති විරෝධී සම්බහන මධ්‍යස්ථානය ජාඇල දඬුගම ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක ඉහළ මහලයේ සුඛෝපභෝගී ලෙස සකස් කර තිබූ නිවහනක පවත්වා ගෙන ගොස් තිබුණි. මෙහි සේවය සඳහා යොදවා ඇත්තේ වයස අවුරුදු 20- 26 සීමාවේ පසුවූ රූමතියන්ය. ඔවුන් සියලු දෙනා දිවයිනේ ඈත එපිට ගම්බද ප්‍රදේශවලින් රැකියා සඳහා කොළඹ ප්‍රදේශයට පැමිණි තරුණියන් බව විමර්ශනයේදී හෙළිවූ බව පොලසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකාරියන්ගෙන් සයදෙනකුම තම නිවෙස්වලට පවසා ඇත්තේ තමන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කර්මාන්ශාලාවල සේවයේ නියුතුව සිටින බව යැයි ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත. ජාඇල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක කේ. එන්. පී. ආර් සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් (50040) සරත්, පොලිස් කොස්තාපල්වරුන් වන (82109) සංජීව, කාන්තා පොලිස් කොස්තාපල් දිල්රුක්ෂි යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකොට අත.

බී.ටී. කොටින්කඩුව – ජාඇල

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments