සෑම මිල සංශෝධනයේදීම ඉන්ධන මිල පහත දැමිය නොහැකි බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.
මෙවර මිල සංශෝධනයේදී ඉන්ධන වර්ග දෙකක මිල පහල දැමීමක් සිදු කළේ ලෝක වෙළඳපළේ මිල අනුව මිල සූත්‍රය යටතේ බවද හෙතෙම පැවසීය.
නව රජයේ පළමුවන මිල සංශෝධනයේදීම සියලුම ඉන්ධන මිල වර්ගවල පහත දැමූ බවත් ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දුන් බවත් එය සමහරුන්ට දැන් අමතක වී ඇති බවත් හෙතෙම කියා සිටී.
කෙසේ වෙතත් ඉදිරියේදී ආර්ථිකය ශක්තිමත් වීමත් සමග තවත් සහන ජනතාවට ලබා දිය හැකි බවද ඔහු පැවසුවේය.
පසුගිය රජය විසින් ඉන්ධන අලෙවිකරණ සමාගම් සමග ඇති කරගෙන තිබෙන එකඟතාවන් මත වර්තමාන ආණ්ඩුවට කටයුතු කිරීමට සිදු වී ඇති බවද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා අද කියා සිටියේය.