Sunday, September 8, 2024
HomeLocal Newsහැකිනම් ඔප්පු කරන්න : සිරිසේනගෙන් අභියෝගයක්!

හැකිනම් ඔප්පු කරන්න : සිරිසේනගෙන් අභියෝගයක්!

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පත් වූ දා පටන් කිසිදු වංචාවක් සිදු නොකළ බවත් තමන් වංචාවක් සිදුකර ඇත්නම් ඕනෑම කෙනෙකුට එය හෙළි කරන ලෙස අභියෝග කරන බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

සිරිමාවෝ බණ්ඩාරනායක 108 වැනි ජන්ම දින සැමරුමට එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළා.

සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රතිමාව දෙස බලාගෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හැටියට අපට වෙනත් දේශපාලන පක්ෂ සමඟ සම්බන්ධ වීමට හැකිද යන්න ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටි‌යා.

සිරිමාවෝ බණ්ඩාරණයක කාන්තා පර්ෂදය මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල, සිරිමාවෝ බණ්ඩාරණායක කාන්තා පර්ෂදයේ සභාපතිනී කීර්තිලතා ලොකුලියනගේ, සිරිමාවෝ බණ්ඩාරණායක කාන්තා පර්ෂද සංවිධානයේ චන්ද්‍රිකා ද සොයිසා ,මහාචාර්ය විශාඛා සුරිය බණ්ඩාර මහත්ම මහත්මීන් මෙහිදී අදහස් පළ කලා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments