Saturday, July 27, 2024
HomeVideoඩුබායි යටවෙන්න වැහැපු වැස්ස!

ඩුබායි යටවෙන්න වැහැපු වැස්ස!

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ  ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩුබායි ගුවන්තොටුපොළට ජලයෙන් යටවීම හේතුවෙන් ගුවන් ගමන් අඩපණ වී ඇති බවයි.

මේ අනුව එහි කටයුතු සීමා කිරීමට බලධාරීන්ට සිදුවූ අතර තවත් ගමන් වාර රැසක් වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමුකිරීමටත් පියවර ගැනුණි.

එමෙන්ම එමිරේට්ස්, ෆ්ලයි ඩුබායි ඇතුළු ගුවන් සේවා රැසක් ඩුබායි වෙත මෙහෙයුම් තාවකාලිකව නවත්වා තිබේ.

සුප්‍රකට ඩුබායි සාප්පු සංකීර්ණය, එමිරේට්ස් සාප්පු සංකීර්ණය දණක් තෙක් ජලයෙන් යටවී තිබිණි.

එමෙන්ම එහි දියුණු උමං දුම්රිය ස්ථාන සහ මාර්ග පවා ජලයෙන් යටවී තිබුණේ එමීර් රාජ්‍යයේ ජලඅපවහන පද්ධතිවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටලු මතුකරමිනි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments