Thursday, September 19, 2024
HomeLocal Newsරනිල්ව මඟ දමා පලා ගිය ඇමැති නඩය!

රනිල්ව මඟ දමා පලා ගිය ඇමැති නඩය!

රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද කැබිනට් ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරු විශාල පිරිසක් ඔහුගේ ජනාධිපතිවරණ
ප්‍රචාරක ව්‍යාපාරයෙන් මේ වන විට ඉවත් වී ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

කැබිනට් ඇමැතිවරුන් අතුරින් විදුර වික්‍රමනායක, මහින්ද අමරවීර, පවිත්‍රා වන්නිආරච්චි යන අය මුල සිටම ප්‍රබල දායකත්වයක් නොදැක්වූ අය වෙති. ඊට අමතරව ප්‍රචාරක කටයුතු අවසන් අදියරට එළැඹෙමින් තිබිය දී, ඩග්ලස් දේවානන්දා, ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, ටිරාන් අලස්, නලින් ප්‍රනාන්දු යන අය දැඩි නිහඬතාවකට පත්ව ඇති බව හෙළි වී තිබේ.

ඊට අමතරව කැබිනට් නොවන ඇමැතිවරුන් ලෙස සිටින රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඇමැති මෙන්ම මුදල්
රාජ්‍ය ඇමැති, රංජිත් සියඹලාපිටිය දැඩි නිහඬතාවක සිටී. මේ අතරට එක් වී සිටින රාජ්‍ය ඇමැතිවරුන් වන්නේ ජගත් පුෂ්පකුමාර, මොහාන් ප්‍රියදර්ශන, ජානක වක්කුඹුර, විජිත බේරුගොඩ, ලොහාන් රත්වත්තේ, සිසිර ජයකොඩි යන අය ය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මුල සිටම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය භාර දී සිටි විදේශීය නියෝජිතයන් ද ඉදිරි දින දෙක තුළ එම කටයුතුවලින් ඉවත්ව යාමට සූදානමින් සිටින බව වාර්තා වේ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments