Thursday, September 19, 2024
HomeLocal Newsමණ්ඩලේ කචල් පිපිරීමට ආසන්නයි!

මණ්ඩලේ කචල් පිපිරීමට ආසන්නයි!

රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු සිදුකරන විදේශ උපදේශක සමාගම් නියෝජිතයන් සහ මෙරට නියෝජිතයන් අතර දරුණු ගැටුමක් ඇති වී පුපුරා යාමට ආසන්නව පවතින බව හෙළි වී තිබේ.

විදේශීය සමාගම්වල උපදේශකයන් හට කිසිවක් නොතේරෙන බව සඳහන් කරමින් රනිල් වික්‍රමසිංහගේ සොහොයුරන් දෙදෙනෙකු ඉදිරි ප්‍රචාරක කටයුතු මුළුමනින් ම නතුකර ගෙන ඇත. නිරංජන් වික්‍රමසිංහ සහ චන්න වික්‍රමසිංහ යන දෙදෙනා ඍජුව ම ප්‍රචාරක කටයුතු සඳහා මැදිහත් වී සිටිති. ඔවුන් වෙනුවෙන් ලෝරිස් පටුමගේ නව මෙහෙයුම් කාර්යාලයක් මෙන් ම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ද කාර්යාලයක් ආරම්භ කර ඇති බව අනාවරණය වේ.

විදේශීය සමාගම් දෙකකින් ගෙන්වා ගෙන සිටින ඇන්ඩෘෘ, කැතී, ජේම්ස්, ඩේවිඩ්, රූබන් සහ මැඩ්රින් යන නම්වලින් හඳුන්වා ගන්නා පිරිස රනිල් වික්‍රමසිංහ ආර්තිකය ගොඩ දැමූ බව පමණක් ප්‍රචාරය කර ඇතැයි ද මාස 6කට වැඩි කාලයක් පුරා ඔවුන් වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක් වැය කර ඇතැයි ද රනිල් වික්‍රමසිංහගේ සොහොයුරන් චෝදනා කර ඇති බව අනාවරණය වේ. ඔවුන්ගේ කිසිදු උපදේශයක් මෙරට සාමාන්‍ය ජනතාව වෙත සමීප නැති බව ද චෝදනා කර ඇත

උපුටා ගැනීම : www.lankatruth.com

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments