Monday, September 16, 2024
HomeLocal Newsරනිල්ගේ ‌ගොඩෙන් එකක් අඩුවෙයි!

රනිල්ගේ ‌ගොඩෙන් එකක් අඩුවෙයි!

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කරනු ඇතැයි ඔවුන් අපේක්ෂාවෙන් සිටි බව කියන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක මහතා අද(24) දහවල් නාමල් රාජපක්ෂ මහතාට ජය පතා දිවුලපිටියේ පැවති රැලියට එක්ව තිබේ.

සී.බී රත්නායක මහතා පසුගිය මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දෙවෙනි වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයායි. ඔහු මනාප 70871ක් ලබා ගෙන තිබිණි.

කෙසේ වෙතත් පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයට හිතවත් මාධ්‍ය මගින් සීබී රත්නායක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කරනු ඇතැයි ප්‍රවෘත්ති පළ කර තිබිණි

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments