Monday, September 16, 2024
HomeLocal Newsමගේ ආණ්ඩුවෙන් රනිල්ට දඬුවම් දෙනවා!

මගේ ආණ්ඩුවෙන් රනිල්ට දඬුවම් දෙනවා!

රටේ උත්තරීතර නීතිය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇතැයි සමගි ජන බලවේග නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හරහා ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇති බවද හෙතෙම පැවසුවේය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට තරඟ කරනු ලබන්නේම මෙම තීන්දුව අනුව මෙරට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පුද්ගලයෙක් ලෙස බවත් හෙතෙම පෙන්වා දෙයි.

මේ ආකාරයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලද පුද්ගලයන්ට ඉදිරි තම රජයක් යටතේ අධිකරණය හමුවේ උත්තර බැඳීමට සිදුවුණු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ජන රැුළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments