Thursday, September 19, 2024

වීර­කැ­ටිය, මැද­මු­ලන ප්‍රදේ­ශයේ ගෙන් ගෙට යමින් අත් පත්‍රිකා බෙද­මින් මැති­ව­රණ නීති උල්ලං­ඝ­ය කළ ජාතික ජන බල­වේ­ගයේ ආධා­ර­ක­රු­වන් 16 දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය පැව­සීය.

යම් පිරි­සක් මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කර­මින් ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රචා­රක කට­යු­තු­වල යෙදෙන බවට වීර­කැ­ටිය පොලි­සි­යට ලැබුණු තොර­තු­රක් අනුව මෙම ජාතික ජන බල­වේ­ගයේ ආධා­ර­ක­රු­වන් පිරිස අත් අඩං­ගු­වට ගෙන තිබේ.

අත්අ­ඩං­ගු­වට ගත් පිරිස මිද්දෙ­ණිය, මුරු­ත­වෙල, ජූල­ම්පි­ටිය, වෑක­ද­වල සහ මැද­මු­ලන ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රුවෝ වෙති. සැක­ක­රු­වන් අතර කාන්තා­වක්, පාසල් ගුරු­ව­ර­යකු, ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යක සේව­ක­යකු සිටි බව පොලි­සිය කීවේය.

අත්අ­ඩං­ගු­වට ගත් පිරිස පොලිස් ඇප බැඳු­ම්කර මත මුදා­හැර තිබේ. ඔවුන්ට එරෙ­හිව වල­ස්මුල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු පව­රන බව ද පොලි­සිය පැව­සීය.

වීර­කැ­ටිය පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක නුවන් විජේ­තුංග මහතා ඇතුළු නිල­ධා­රීහු මෙම සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments