Monday, September 16, 2024
HomeLocal Newsඑක්ව ජයගන්න බෙදී පොරකති!

එක්ව ජයගන්න බෙදී පොරකති!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එක්ව සිටින කණ්ඩායම් කිහිපයක් පිල් කිහිපයකට බෙදී ඇතැයි වාර්තා වෙයි.

එම කණ්ඩායම් අතර තරඟකාරී තත්වයක් හට ගෙන ඇති අතර ප‍්‍රබල ඇමතිවරයෙකුගේ දියණියක් අනෙකුත් සියලු පාර්ශව පරදවා ඉදිරියට ගැනීමේ මෙහෙයුමක් පවතින්නේ යයිද ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් එජාප ප‍්‍රබලයෙකු විශේෂ අවධානයක් යොමු කර ඇති අතර තමන්ගේ පෞද්ගලික කැපී පෙනීම වෙනුවෙන් මේ අවස්ථාවේ ක්‍රියා කරන කිසිවෙකුටත් ඉඩ නොදිය යුතු බව පක්ෂ කළමනාකරණ කමිටුවේ දී ඔහු අවධාරණය කර ඇත.

මේ අතර වැඩිම ඡන්ද දායක ප‍්‍රමාණය සිටින ගම්පහ දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ප්‍රචාරක කටයුතු සිදු කළ යුතු වුව ද කඩවත පැවති ජන රැලියෙන් පසුව කිසිදු ප්‍රධාන ක්‍රියාකාරීත්වයක් එම දිස්ත්‍රික්කය තුළ නොමැති වීම සම්බන්ධයෙන්ද එකිනෙකාට වගකීම් පවරා නිදහස් වීමේ උත්සාහයක් පවතින බව දැනගන්නට ඇත.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments