Monday, September 16, 2024
HomeLocal Newsගෑස් පෝලිම් නැතිවුනේ ගෝඨා නිසා - ඩොලර් මිලියන 400ක් ලැබුනේ මෙහෙමයි!

ගෑස් පෝලිම් නැතිවුනේ ගෝඨා නිසා – ඩොලර් මිලියන 400ක් ලැබුනේ මෙහෙමයි!

ගෑස් පෝලිම් නැති කිරීමේ පියවරුන් ලෙස කවුරුන් පෙනී සිටියත් එම පෝලිම් නැති කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ලබාගැනීමට කටයුතු කළේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතා පැවසීය.

2022 අප්‍රියෙල් 27 වැනිදා ලෝක බැංකුවෙන් එම ණය මුදල අනුමත කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේ යැයි ද හෙතෙම කීවේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

හෙතෙම මෙසේද පැවසීය.

අපිත් එක්ක එකට වැඩ කළ ඇමැතිලටත් අමතක වෙලා කවුද ඇත්තටම පෝලිම් නැති කළේ කියලා. ඒ ගැන කනගාටුයි. ගෑස් ප්‍රශ්නය වගේම ඉන්ධන හා පොහොර ප්‍රශ්නය විසඳුවෙත් ගෝඨාභය ජනාධිපතිවරයා ඒ ගත්ත ලෝන් එකෙන්. ඒ වගේම ඉන්ධන පෝලිම් නැති කළේ බැසිල් රාජපක්ෂ මහතා මැදිහත් වෙලා ඉන්දියන් ක්‍රෙඩිට්ලයින් එකෙන් ගත්ත මුදල්වලින්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් පෙරේදා ස්තූති කළා ඉන්දියන් ක්‍රෙඩිට්ලයින් එකට අපේ රටේ අර්බුදය සමථයකට පත් කරන්න මැදිහත් වුණාට. ඇත්තට මේ මැදිහත්වීම කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා.

ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුරාධපුරයේ රැස්වීමට විශාල ජනතාවක් සහභාගී වී සිටිනු දුටුවේදැයි මෙහිදී මාධ්‍යවේදීහු ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියහ.

ඊට පිළිතුරු දුන් චානක මහතා මෙසේ කීවේය.

පසුගිය මහ මැතිවරණයේ එජාපයේ රැස්වීම්වලටත් ඔය වගේම සෙනග හිටියා. ඒත් මුළු රටෙන්ම ඔවුන්ට ලැබුණේ ලක්ෂ තුනක ඡන්ද ප්‍රමාණයක්. සැප්තැම්බර් 21 වෙනිදාට බලාගන්න පුළුවන් කාටද රටේ ඡන්ද තියෙන්නේ කියලා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තමයි හොඳම යාන්ත්‍රණය තියෙන්නේ. අනිත් අපේක්ෂකයෝ පන්දාහක් දහදාහක් ගෙනල්ලා එක රැස්වීමක් තියද්දී ගම් මට්ටමෙන් බිම් මට්ටමට ගිහින් දවසකට පනස් දහසක විතර පිරිසක් නාමල් හම්බවෙනවා. අපි ඉදිරියට ගෙනියන්නේ මේ රට සංවර්ධනය කරා යොමු කළ මහින්ද චින්තනයේ ප්‍රතිපත්ති. අපේ මංගල රැස්වීම 21 වැනිදා අනුරාධපුරයේදී තියනවා. අපට සල්ගාදු පිටිය ගන්න බැරිවෙන්න දැන් ඒක සමහරු බුක් කරගෙන. ස්ථානය පසුව අපි දන්වන්නම්. සැප්තැම්බර් 21 වෙනිදා මධ්‍යම රාත්‍රී වෙනකොට දැන ගන්න පුළුවන් කාටද ඇත්තටම ජනතාව කැමති කියල. ඒ නාමල් රාජපක්ෂ බව ස්ථිරයි. මැති ඇමැතිලා පැත්ත මාරු කළාට පොහොට්ටුවේ ඡන්දදායකයා මහින්ද චින්තනයත් එක්ක දිගටම ඉන්නවා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments