Monday, September 16, 2024
HomeLocal Newsපනින්න ලංසුව කෝටි 100යි!

පනින්න ලංසුව කෝටි 100යි!

සමගි ජන බලවේගයෙන් ඉවත් වී ජනාධිපතිවරයාට සහාය ලබා දෙන ලෙස කෝටි සීයක ලන්සුවක් ඉදිරිපත් තමා පක්‍ෂයේ මන්ත්‍රීවරයකුට ඉදිරිපත් වී ඇති බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයෙන් මහරගම ආසන බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

පෙර මැතිවරණ වලදී තම පක්ෂයේ ජය පිළිබඳ පැවති දෙගිඩියාව සම්පූර්ණයෙන්ම පහව ගොස්, යනෙන සෑම තැනකම, දකින හමුවන සෑම ශ්රී ලාංකිකයෙකුම සජිත් ප්රේමදාසමහතා ජනාධිපති ධුරයට පත් වීම පිළිබඳ අපේක්ෂාවෙන්, පක්ෂය වටා රොක් වෙමින් සිටින බව මරික්කාර් මහතා පැවසීය.

මහරගම ආසන බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ මීට පෙර දිනයිදෝ සැකයෙන් සිටි එජාප නියෝජිතයන් අද මහරගම ආසන බලමණ්ඩලයට මෙලෙස පැමිණ සිටින්නේ දැඩි ජයග්රාහී මානසිකත්වයකින් බවයි.

තවත් දින 34කින් පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා විජයග්රහණය ලබන බවට කිසිදු මිනිසෙකුට කිසිදු සැකයක් නැති බවයි ඒ මහතා පැවසූවේ. ගමේ, හන්දියේ, කඩපොලේ, ත්රිරෝද රථයේ, මලගෙදර, මගුල් ගෙදර, දානෙ ගෙදර, බණ ගෙදර ආදී සියලු තැන් වල කතා වෙන්නේත්, බලාපොරොත්තු පල කරන්නේත් සජිත්ගේ ජය ගැන පමණයි. ප්‍රතිවාදී පක්ෂවල නියෝජිතයන් පවා පවසන රටේ පවතින දේශපාලන යතාර්ථය වන්නේ සජිත්ගේ ජයග්‍රහණයයි. රනිල් වික්‍රමසිංහ මහතා සෙවනේ සිටින්නන් පවා සජිත් දිනන බව දැන දැන් කරන්නේ එය වැළැක්වීමට උත්සාහ දැරිමයි.

නිවසේ බල්බයක් දල්වද්දී, ජල කරාමයක් අරිද්දී අද ජනතාවට දෙවරක් සිතන්නට සිදුව ඇත. පවුලක් ගතයුතු ආහාර මොනවාද..? අසනීපයකට භාවිත කළ යුතු බෙහෙත් මොනවාද..? තම දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේද..? යන්න මෙරට මහජනතාව නැවත නැවත සිතන්නේ වත්මන් පාලකයාට දෙස් තබමිණි. තමාගේ හා තම දූදරුවන්ගේ අනාගතය ගැන කිසිදු බලාපොරොත්තුවකින් තොරව අසතුටින් හූල්ලමින් දිවි ගෙවන ජාතියක් බවට අප පත්ව ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

“පෝලිම් නැති කළ රනිල්ට ඡන්දය දෙන්න”. පෝලිම් නැති කළ අය දිනවන්නට කියන්නේ පෝලිම් ඇති කළ අය බව ඒ මහතා අවධාරණය කළේ වර්තමාන ජනපති සමග සිටින පුද්ගල චරිත ද ගෙන හැර දක්වමිනි. වර්තමාන ජනාධිපතිවරයා පෝලිම් අවසන් කළේ පෙර පැවති තත්වයට රට ගෙන ඒමෙන් නම් කිසිවෙකුට ප්‍රශ්නයක් නැත. පෙර පරිදිම බිත්තරයක් රුපියල් 13කට, පෙට්‍රල් ලීටරය රුපියල් 117කට ගෑස් සිලින්ඩරය රුපියල් 1600කට හෝ හාල් පරිප්පු ජල විදුලි බිල්පත් ආදී සියල්ල තිබූ වටිනාකමටම ලබා දී පොලිම් අවසන් කළා නම් අපි සියලු දෙනා සතුටු වන්නෙමු.

මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කිරීමට මේ තරම් උවමනාවක් රටේ පවතින්නේ, පෝලිම් නැති කිරීමේ සැබෑ අසීරුතාව ජනතාව මැනැවින් අත්විඳ ඇති නිසා බවයි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments