Monday, September 16, 2024
HomeLocal Newsනාමල්ගේ මංගල රැලිය අද!

නාමල්ගේ මංගල රැලිය අද!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ මංගල ජන රැලිය අද (අගෝ. 21) පස්වරු 2:00ට අනුරාධපුර කඩපනහ භූමියේදී පැවැත්වීට නියමිත ය.

ප්‍රථමයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්මැලි සෑරදුන්, මහනුවර ශ්‍රී දළදා සමිදුන්, ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදාගෙන මහා සංඝරත්නය ඇතුළු අන්‍ය ආගමික නායකයන්ගේ ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහජන රැලි මාලාවේ ප්‍රථම රැලිය අනුරාධපුරයෙන් ආරම්භ වේ.

මෙම ජන හමුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිත ය.

මෙම ජන රැලියට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හැර වෙනත් දිස්ත්‍රික්කවලින් ජනතාව ගෙනැවිත් සහභාගී නොකරවන බව ත් සම්පූර්ණයෙන් දිස්ත්‍රික්කයේ ජනතාවගේ සහභාගීත්වයෙන් මෙම රැලිය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ත් විදුලිබල රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේ ය.

ඉන්පසු ආසන මට්ටමින් මහජන රැලි 160 වැඩි රැස්වීම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි හෙතෙම පැවසීය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments