Monday, September 16, 2024
HomeLocal Newsජනපති අපේක්ෂකයින් 06ක් එකට හැප්පෙයි!

ජනපති අපේක්ෂකයින් 06ක් එකට හැප්පෙයි!

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් 06 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුත් මුහුණට මුහුණ විවාදයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

එම විවාදය එළැඹෙන සැප්තැම්බර් 07 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ, සර්ව ජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින අරියේන්ද්‍රන් යන අපේක්ෂකයන් සහභාගී වනු ඇති.

එම විවාදය මෙරට ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය නාලිකා 07ක් සහ සමාජ මාධ්‍ය පිටු 200කට ආසන්න ප්‍රමාණයක් ඔස්සේ සජීවීව විකාශය කිරීමට අපේක්ෂා කරන බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments