Monday, September 16, 2024
HomeLocal Newsවැරදිකරු වුණොත් දික්වැල්ලට ලැබෙන දඬුවම මෙන්න!

වැරදිකරු වුණොත් දික්වැල්ලට ලැබෙන දඬුවම මෙන්න!

තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් තහනමකට ලක්වී සිටින ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහි දී ඔහු වරදකරු වූවහොත් වසර 4ක සියලු ආකාරයේ ක්‍රිකට් තරග තහනම් වනු ඇති බවටයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණේ, මෙවර එල්.පී.එල් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් සිදු කළ පරීක්ෂණයකට අනුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්, ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය සමඟ එක්ව තහනම් උත්තේජක විරෝධී උල්ලංඝනයන්ගෙන් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීම සඳහා අහඹු ලෙස දේශීය තරඟාවලි අතරතුර මෙම පරීක්ෂණ පවත්වනු ලබනවා.

නිරෝෂන් දික්වැල්ල මීට පෙර ද විනය විරෝධි හැසිරීමක් හේතුවෙන් වසරක ක්‍රිකට් තහනමකට ලක් වුණා.

ඉන් අනතුරුව එය මාස 6ක් දක්වා අඩු කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments