Wednesday, November 27, 2024
HomeLocal Newsසජිත් රට ගොඩදාන්න හදද්දිම රනිල් ඇවිත් අගමැතිකම ගත්තා!

සජිත් රට ගොඩදාන්න හදද්දිම රනිල් ඇවිත් අගමැතිකම ගත්තා!

රට අර්බුදයට පත්වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා එය භාර නොගෙන පැන ගියේ යැයි එල්ල වන චෝදනාව අසත්‍ය බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

2022 මැයි මස 09 වැනිදා තමන් සහ ඉරාන් වික්‍රමරත්න, කබීර් රශීම්, රංජිත් මද්දුම් බණ්ඩාර යන සිව් දෙනා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී බල හුවමාරුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද බව ඔහු පැවසීය.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා දැනගත හැකි බවද ඔහු සඳහන් කළේය.

එම සාකච්ඡා එසේ ඉදිරියට යන අතරවාරයේ ‍වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පස්සෙ දොරෙන් පැමිණ අග‍්‍රාමාත්‍ය ධුරය බාරගත් බවටද ඔහු චෝදනා කළේය.

සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments