Friday, September 20, 2024
HomeLocal Newsඅගමැති අපේක්‍ෂක නාමල්!

අගමැති අපේක්‍ෂක නාමල්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ව්‍යාපාරික ධම්මික පෙරේරා බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

එමෙන්ම පොදු ජන පෙරමුණේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවද හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳව නිල ප්‍රකාශය එළඹෙන මස දෙවැනි සතියට පෙරාතුව පක්ෂය විසින් නිල වශයෙන් ප්‍රසිද්ධ කරන ඇති බවද හෙතෙම කියා සිටී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත්ම පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නොවන බවත් ඔහු පැවසීය.

ජනාධිපති අපේක්ෂකයා ලෙස තම පක්ෂයේ සාමාජිකයකු කුමන නම් කරන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ අභ්‍යන්තරය මේ වන විටත් තීරණය කර ඇති බවත් හිතෙම කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments