Friday, September 20, 2024
HomeLocal Newsසූර් වැඩි කමට නුවර කෝච්චිය මඟ දමාගිය කොච්චි ඩ්‍රයිවර් මාට්ටු!

සූර් වැඩි කමට නුවර කෝච්චිය මඟ දමාගිය කොච්චි ඩ්‍රයිවර් මාට්ටු!

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර බලා අද (30දා) පෙරවරුවේ ධාවන වූ දුම්රියක රියදුරා අධික ලෙස මත්පැන් පානය කර ගමන් කරමින් සිට, හදිසියේ දුම්රිය මග දමාගොස් තිබෙනවා.

මහනුවර බලා පෙ.ව. 10.40ට ධාවනය ආරම්භ මෙම දුම්රිය මහනුවරට ආසන්න වද්දී, සුදුහුම්පොල ප්‍රදේශයේදී දුම්රිය නවතා ඇත.

පසුව ඔහු දුම්රියෙන් බැස පළායෑමට උත්සාහ කර ඇති අතර, එහි ක්‍රියාත්මක වූ මගීන් මොහුව ලුහුබැඳ ගොස් අල්ලාගෙන තිබෙනවා.

අනතුරුව සහායක රියදුරාගේ මාර්ගයෙන් දුම්රිය මහනුවර දක්වා රැගෙන විත්, බීමත් රියදුරාව දුම්රිය ආරක්ෂක අංශයට භාරදීමට කටයුතු කර තිබෙනවා.

රියදුරුගේ මෙම බීමත්කම නිසා මහනුවරට ප.ව. 1.40ට ළඟාවීමට නියමිතව තිබූ දුම්රිය, මහනුවරට පැමිණ ඇත්තේ ප.ව. 2.30ට බවට මගීන් චෝදනා කරනවා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments