Monday, September 16, 2024
HomeLocal News"වාහන ආනයනයට අවසර" අදියරෙන් අදියර ගේන වාහන මෙන්න!

“වාහන ආනයනයට අවසර” අදියරෙන් අදියර ගේන වාහන මෙන්න!

රථ වාහන ආනයනය සඳහා යළි අවසරය ලබා දීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද අමාත්‍යංශ කමිටුවේ නිර්දේශ මේ වන විට මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා වෙත යොමු කර ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඒ අනුව, අදියර හතරක් යටතේ වාහන ආනයන තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් නිර්දේශ කර ඇති බවත් ඒ සඳහා කාල රාමුවක් ද මෙම කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති බව ත් අනාවරණය වන අතර මේ පිළිබඳ අවසන් තීරණය ජනාධිපතිවරයා විසින් අදාළ තත්ත්ව විමසා බලා ගනු ලබනු ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ ය.

මුදල් අමාත්‍යංශය සහ මහ බැංකු නිලධාරීන් ප්‍රමුඛ නිලධාරි නියෝජනයක් සහිත මෙම කමිටුව පෙන්වා දී ඇත්තේ වාහන ආනයනය සඳහා විදේශ සංචිත ප්‍රමාණයක් නිදහස් කළහොත් ඊට සාපේක්ෂව තීරු බදු හරහා රජයට රුපියල් බිලියන 340 ඉක්මවූ ආදායමක් ද වාර්ෂිකව ලබාගත හැකි වනු ඇති බව ය.

ඒ අනුව, මුලින් ම වාණිජ වාහනත්, දෙවනුව පොදු ප්‍රවාහන සේවා රථ සහ එයින් අනතුරුව යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ අවසානයේ මෝටර් රථ සහ සුඛෝපභෝගී රථ ආනයනය සම්බන්ධයෙන් ද නිර්දේශ ලබා දී ඇති බව වාර්තා වේ.

මේ අතර, මහ බංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහද පසුගිය අඟහරුවාදා මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේ, රජය ක්‍රමක්‍රමයෙන් වාහන ආනයන සීමා ලිහිල් කරන්නේ නම් විදේශ සංචිත කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් පවතින බව ය.

2020 වසරේදී සීමා කෙරුණු වාහන ආනයන පාලනය මේ වනවිට වසර හතරකට ආසන්න කාලයක් ගතව ඇති අතර වාහන අලෙවිකරුවන් මෙන් ම ජනතාව වෙතින් ද එම සීමා ලිහිල් කරන ලෙසට ඉල්ලීම් කර ඇත.

මේ වන විට දේශීය ලියාපදිංචි කරන ලද වාහන වෙළෙඳපොළේ වාහන මිල දැඩි සේ ඉහළ ගොස් ඇති අතර වාහන ආනයන තහනම සම්බන්ධයෙන් තීරණය ගැනීමේදී පවතින වෙළෙඳපොළ සංවේදී තත්ත්ව පිළිබඳවද විමසා බලා අදාළ තීරණ ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා වී ඇති බව සඳහන් වේ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments