Sunday, September 8, 2024
HomeHealth & Fitnessලිංගික උත්තේජනය ඇති බලගතුම ඛනිජ ලවණය!

ලිංගික උත්තේජනය ඇති බලගතුම ඛනිජ ලවණය!

ලිංගික ශක්තියෙන් බෙලහීන ඇතැම් අය දැන ගන්න ඕනෑ කරන ඛනිජ ලවණයක් පිළිබඳව දැක්වීම මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ ය. එනිසා එය ඔබට ඉතා වැදගත්වන්නක් විය හැකිය. කුමක්ද මේ ඛනිජ ලවණය? කෙසේද එය ශරීරය තුළ ප්‍රතික්‍රියා දක්වන්නේය යන්න දැන ගැනීමට ඔබ උනන්දු විය හැකිය. එම ඛනිජ ලවණය නම් ‘මැංගනීස්’ය. මැංගනීස් ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ ලවණයකි. පහත දක්වා ඇත්තේ මැංගනීස්වල කාර්යයන්

කෙටියෙනි. මැංගනීස් සිරුරේ සම්බන්ධක පටක, අස්ථි, Clottong factors, ලිංගික හෝමෝන නිපදවීමට ආධාර කරයි. මැංගනීස් සිරුරේ සෛල වර්ධනය සිදු කරයි. මේ නිසා සම ඇතුළු සියලුම ඉන්ද්‍රියයන්වල වර්ධනයට මැංගනීස් ආධාර කරයි. මැංගනීස් කැල්සියම් අවශෝෂණයට වැදගත් වේ.

ආහාර මාර්ගයෙන් කාබෝහයිඩේ්‍රට සහ ලිපිඩ පරිවෘත්තීය සඳහා මැංගනීස් උපකාර කරයි. පරිවෘත්තීය ක්‍රියාවල Co-enzymes ලෙසද මැංගනීස් ක්‍රියා කරයි. මැංගනීස් ඉන්සියුලින් ස්‍රාවය ක්‍රමවත් කරයි. මේ නිසා මැංගනීස් දියවැඩියාව පාලනය කිරීමට වැදගත් වේ. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගෙන යෑමට, ලිංගික හෝමෝනවල ක්‍රියාකාරිත්වයන් නිසි ලෙස සිදු කිරීමට මැංගනීස් වැදගත් වේ.

මැංගනීස් යනු ප්‍රතිඔක්සිකාරකයකි. මෙමඟින් ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති කෙරේ. මොළයේ සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට Mn අත්‍යවශ්‍යය. විශේෂයෙන් Manganis Super Oxide Dysmutase නම් එන්සයිමය හරහා මොළයේ නිපදවෙන මුක්ත ඛණ්ඩ ඉවත් කෙරේ. මේ හරහා මොළය නිරෝගී කෙරේ. එසේම Neurotrasmittor සමඟ ක්‍රියා කර ස්නායු සමායෝජනය මෙහෙයවයි.

අස්ථි සහ කශේරුකාවල ශක්තිමත් භාවය සහ ඝනත්වය ඇති වීමට මැංගනීස් වැදගත් වේ. වලිප්පුව පාලනය කිරීමට මැංගනීස්වලට හැකියාව ඇත. මැංගනීස් ශරීරයේ පරිවෘත්තීය එන්සයිම සක්‍රිය කරයි. මේ මඟින් කොලෙස්ටරෝල් පරිවෘත්තීය, ඇමයිනෝ අම්ල පරිවෘත්තීය, කාබෝහයිඩේ්‍රට සහ ලිපිඩ පරිවෘත්තීය පාලනය කරයි. එසේම විටමින් B, විටමින් E මැග්නීසියම් නිෂ්පාදනයටද Mn අත්‍යවශ්‍යය.

අක්මාව නිසි ලෙස ක්‍රියා කිරීමට මැංගනීස් වැදගත් වේ. ශරීරයේ වැඩිපුරම අඩංගු ඇමයිනෝ අම්ල වන්නේ Glutamin acidය. මේවායේ පරිවෘත්තීන්ට සහ DNA-Polymerase වල ක්‍රියාකාරිත්වයට Mn අත්‍යවශ්‍ය වේ. මැංගනීස් උෟනතා නිසා රුධිර පීඩනය ඉහළ යෑම, හෘදයාබාධ, මාංස පේශි දුර්වල වීම, අස්ථි දුර්වල වීම, මන්දබුද්ධිකතාව සහ ස්නායු ආබාධ ඇති වේ.

මැංගනීස් බහුල ආහාර පිළිබඳව අප මෙහිදී ඔබ දැනුවත් කරනුයේ එහිදී ඔබට මැංගනීස් අවශ්‍ය වේ නම් ඒවා ශරීරයට එකතු කර ගත හැකි මඟක් කියා දීමටය. මුංඇට ඇතුළු සියලු ධාන්‍ය ආහාර, අන්නාසි, සුදු ලූනු, පාරම්පරික සහල්, නිවිති, කෙසෙල්, කොළ එළවළු. මෙම ක්ෂුද්‍ර පෝෂක සංඝටක ශරීරයට කොතරම් වැදගත් දැයි විමසා බලන්න. ශරීරයේ අත්‍යවශ්‍ය පරිවෘත්තීය කාර්යයන් බොහොමයකට විටමින් සහ ඛනිජ ලවණ අත්‍යවශ්‍ය වේ.

මෙම ක්ෂුද්‍ර පෝෂක ලබාගත හැකි ආහාර වනුයේ සියලු ධාන්‍ය ආහාර, විශේෂයෙන් මුංඇට, කඩල, කවුපි, මෙනේරි, කුරහන්, තල, කහ පැහැ ආහාර, දියර කිරි වැනි ආහාරය. මේවා හැකිතාක් ආහාරයට එක් කර ගැනීමෙන් ක්ෂුද්‍ර පෝෂක අවශ්‍යතාව සපුරා ගත හැකිය. එබැවින් ස්වාභාවික පෝෂ්‍ය පදාර්ථ ඔබ ශරීරයට නිරතුරුව එකතු කර ගැනීම සෞඛ්‍යය සම්පන්න ජීවිතයකට බෙහෙවින් උපකාරී වනු ඇත.

www.mawbima.lk

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments