Thursday, September 19, 2024
HomeLocal Newsපොහොට්ටුව ජනපති සටන අරඹයි!

පොහොට්ටුව ජනපති සටන අරඹයි!

“සටන අරඹමු රජරටින්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ආසන සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තලාව නගරයේ අද (26) පැවැත්විණි.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් දිස්ත්‍රික්කයේ කලා වැව ආසනයේ ජනතාව දොළොස් දහසක් පමණ සිටියහ.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්. ඩී. වීරසිංහ, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, තිස්ස කුට්ටිආරච්චි, ජෝන්ස්ටන් ප්‍රනාන්දු,එස් එම් චන්ද්‍රසේන, එස් සී මුතුකුමාරණ, ගමගේ වීරසේන, කලාව ආසන සංවිධායක හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන් ,හිටපු පළාත් සභා සභාපති ටී.එම්.ආර්. සිරිපාල යන මහජන නියෝජිතයෝ මෙහිදී අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ආසන සමුළුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම අනෙකුත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සහභාගි වී සිටියදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැමිණ නොසිටීම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමුළුව අමතා කතා නොකිරීම මෙහිදී විශේෂත්වයකි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments