Thursday, September 19, 2024
HomeLocal Newsඅනුර ඉදිරියට ගන්න ජනාධිපති ගහන ගේම?

අනුර ඉදිරියට ගන්න ජනාධිපති ගහන ගේම?

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා ඉදිරියට ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන්නේ යයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා පවසයි.

ජනාධිපතිවරයා හා අනුර දිසානායක මහතා අතර විශාල සම්බන්ධයක් පසුගිය කාලයේ ගොඩනැගී තිබූ බවත් පැවසූ ඔහු මැයි දින සංවිධාන කිරීම්වලදීද ආණ්ඩුවේ සහාය ලබාදීම හරහා ඒ බව පෙනී ගිය බවත් පැවසීය.

මැයි දින රැලිය පැවැත්වීමට ජාතික ජන බලවේගය විසින් ඉල්ලූ ස්ථානය ආණ්ඩුවෙන් ලබා දුන් නමුත් එම ස්ථානය සමගි ජන බලවේගය මුලින් ඉල්ලුවද එය ලබා නොදී සිටි බවද ඔහු පවසයි.

මේ අනුව ජනාධිපතිවරයා අනුන්ට දිසානායක මහතාට උදව් කරන බවත් සමගි ජන බලවේගයට වෙනස්කම් කරන බවත් ඔහු තවදුරටත් පැවසුවේය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments