Thursday, September 19, 2024
HomeLocal Newsලාංකිකයන් වහා එවනු : සජිත්ගෙන් රුසියාවට, යුක්රේනයට, මියන්මාරයට තද ඇමතුම්!

ලාංකිකයන් වහා එවනු : සජිත්ගෙන් රුසියාවට, යුක්රේනයට, මියන්මාරයට තද ඇමතුම්!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ වසන්ත යාපාබණ්ඩාර, ජේ.සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක්, මෙරට ත්‍රෛ නිකායික මහානාහිමිවරුන්ගේ අත්සනින් යුතු සංදේශයක් හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංදේශයක් ද රැගෙන මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් විසින් රඳවාගෙන සිටින ලාංකික තරුණ තරුණියන් 49 දෙනා බේරාගැනීමේ සාකච්ඡාවන් සඳහාත්, රුසියානු යුක්රේන යුද්ධයේ කුලී හමුදාවන් ලෙස සේවය කරන ශ්‍රී ලාංකික, විශ්‍රාමික හමුදා සෙබලුන්ගේ ගැටළුව පිළිබඳව සාකච්ඡා කිරීමටත් මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.

ඒ අනුව එම මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එතුමන්ගේ සන්දේශය භාරගැනීමද එහිදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට මියන්මාරයේ රඳවාගෙන සිටින තරුණයින්ගේ දෙමාපියන් නියෝජනය කරමින් දෙමාපියන් කිහිපදෙනෙකුද සහභාගී විය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments