Thursday, September 19, 2024
HomeLocal Newsමගේ මන්ත්‍රීකම සමග සජබත් අහෝසියි - එය පවරා දුන්නේ මගේ අත්සනින්!

මගේ මන්ත්‍රීකම සමග සජබත් අහෝසියි – එය පවරා දුන්නේ මගේ අත්සනින්!

තමන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමඟම සමගි ජන බලවේගය දේශපාලන පක්ෂයද අවලංගු විය යුතු බව හිටපු සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

ඇය සඳහන් කරන්නේ සමගි ජන බලවේගය පවරන ලද්දේ තම අත්සනින් බවත් පක්‍ෂය තුළ ගැටලු රාශියක් ඇති බවත් ඒවා ඉදිරියේදී හෙළි කරන බවත් ඇය පැවසුවාය.

අද විශේෂ මාධ්‍ය හමුවක් සඳහා පවත්වමින් ඇය මේ බව කියා සිටියාය.

තමන්ගේ දේශපාලනය මෙතනින් අවසන් නොවන බවත් වැඩි කල් යන්නත් පෙර තමන් යළිත් පාර්ලිමේන්තුවට දේශපාලනයට පැමිණෙන බවත් පාර්ලිමේන්තුව නුදුරේදීම විසුරුවා හරිනු ඇති බවත් ඇය තවදුරටත් පැවසුවාය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments