Monday, September 16, 2024
HomeLocal Newsවිදුලි ගාස්තුව පහලට - යෝජනාව කොමිෂන් සභාවට!

විදුලි ගාස්තුව පහලට – යෝජනාව කොමිෂන් සභාවට!

විදුලිය ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එය මේ වනවිට කෙටුම්පත් කරමින් සිටින බවටයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඉන් අනතුරුව , මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලය විසින් සපයනු ලබන දත්ත මත පදනම්ව ගාස්තු තීරණය කරනු ඇති.

ඒ අනුව මෙම ගාස්තු සංශෝධනය ජුනි මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.

ජනතාවට දැනෙන ප්‍රමාණයකින් ගාස්තු අඩු කිරීමට මෙහි දී යෝජනා කරන බවටයි, පසුගියදා විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කර තිබුණේ.

කොමිසමේ එකඟතාවය මත මෙම විදුලි සහනය ලබාදීමට නියමිත බව ද ඔහු අවධාරණය කළා.

කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ, ගාස්තු සංශෝධනය සිදු කරනු ලබන්නේ කවද්ද යන්න නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය එහි වියදම් ගණනය කිරීමේ යෝජනාවක් සකස් කරමින් සිටින බව ද එම අමාත්‍යංශය සඳහන් කළා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments