Sunday, September 8, 2024
HomeLifestyleඅලුත් සංචාරක කලාප 38න් නව රැකියා 50,000ක්!

අලුත් සංචාරක කලාප 38න් නව රැකියා 50,000ක්!

සංචාරක කලාප 38ක් අලුතින් සථාපිත කර ඒ හරහා සෘජු හා වක්‍ර රැකියා 50,000ක් උත්පාදනය කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පින්නවල හා කිතුල්ගල කලාපය ඇතුළත් මෙම සංචාරක කලාප 38 අලුතින් ස්ථාපිත වනු ඇති බවයි පැවසෙන්නේ.

ඒ හරහා ගලිගමුව නව නගරයක් ලෙස වැඩි දියුණු කිරීමත් මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන පිවිසුමේ සිට සංවර්ධන කටයුතු සිදු කිරීමටත් අපේක්ෂා වී තිබෙනවා.

සංචාරක කලාප සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය, අදාළ ප්‍රදේශීය සභා ඇතුලු පලාත් පාලන ආයතන, කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හා අනෙකුත් රාජ්‍ය ආයතන අතර විශේෂිත සම්බන්ධීකරණ කටයුතු මේ වනවිටත් ආරම්භ වී ඇතැයිද සඳහන්.

දිය ඇලි බහුතරයක් ඇති සබරගමුව ප්‍රදේශය හරහා මෙම ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම තුළින් සුලු හා මධ්‍ය පරිමාණ රැකියා විශාල ප්‍රමාණයක් බිහි කළ හැකි බවත් ඒ වෙනුවෙන් කළ යුතු ප්‍රධාන කාර්ය වන්නේ මේ සම්බන්ධව ප්‍රවර්ධන කටයුතු විධිමත්ව සිදු කිරීම බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසන්නේ.

සංචාරක කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 750ක මුදලක් වෙන් කර ඇති බවත් මේ වනවිටත් ප්‍රාදේශීය සභා ඇතුලු ආයත සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් ඔහු පවසනවා.

එමෙන්ම මේ හරහා විදේශීය සංචාරකයන් පමණක් නොව දේශීය සංචාරකයන්ටද අවස්ථාව උදා කිරීම තුළින් සමස්ථ කළාපයම සංචාරක පුරවරයක් බවට පත් කළ හැකි බවයි ඔහු පවසන්නේ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments