Friday, September 20, 2024
HomeLocal Newsඊළග මැයි දිනය මාලිමා ආණ්ඩුව යටතේ!

ඊළග මැයි දිනය මාලිමා ආණ්ඩුව යටතේ!

සීයට තුනක ප්‍රතිශතයක තිබූ ජාතික ජන බලවේග ඡන්ද පදනම සියයට පනස් එකක් වීමට හාස්කමක් විය යුතු බව ඇතැමුන් පවසන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නමුත් එය හාස්කමක් හෝ මැජික් එකක් නොව අද වන විට මහ පොළොවේ යථාර්ථය බවට පත්වී ඇති බවද හෙතෙම කියා සිටියේය.

ජාතික ජන බලවේගයේ මැයි දින රැුළිය අමතමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.

මෙරට ඉතිහාසයේ ගොඩනැගෙන ප්‍රබලතම ජනතා ව්‍යාපාරය ජාතික ජන බලවේගය බවත් ඒ මහතා පැවසුවේය.

එන වසරේ මැයි දින රැලිය පවත්වන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ බවද පැවසූ ඔහු නීතිය විනය සහිත සමාජයක් ගොඩනැගීම සැමගේ වගකීම බවත් කියා සිටියේය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments