Friday, September 20, 2024
HomeLocal Newsජනපති මැයි රැළියේදි රහසක් කියයි!

ජනපති මැයි රැළියේදි රහසක් කියයි!

ශක්තිමත් අපනයන ආර්ථිකයක් ඇති කර රටේ තරුණ තරුණියන්ට හොද අනාගතයක් ලබාදෙන සැළැස්මක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

සාම්ප්‍රදායික දේශපාලනය අතහැර ඊට සහයෝගය ලබාදීම විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂවලට එක්වන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසළ පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙලෙස පැවසීය,

“මම අද රහසක් කියනවා, ඩී.එස්. සේනානායක අගමැතිතුමා හොදම නැකත හෙව්වා එක්සත් ජාතික පක්ෂය හදන්න සැප්තැම්බර් 9 වැනිදා. ඒවගේ හොද වෙලාවක් ගත්තා ලංකාවට නිදහස ලබලා දෙන්න. ඉතිං ඔය දෙකම මතක තියාගන්න හොදම නැකත් තියෙන්නේ රටටයි එක්සත් ජාතික පක්ෂටයි. ඒකයි මේ වැටුන රට උස්සන් පුළුවන් වුනේ.”

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments