Saturday, July 27, 2024
HomeLocal Newsඅනෙක් දේශපාලුවන්ට නැති ගෞරවයක් තෙවරප්පෙරුමට ලැබෙන්නේ ඇයි?

අනෙක් දේශපාලුවන්ට නැති ගෞරවයක් තෙවරප්පෙරුමට ලැබෙන්නේ ඇයි?

සමහර මිනිස්සු මියගියාම දැනෙන ”හිස්කම” සහ ”වේදනාව” වචන කරන්න නොතේරෙන තරම්.

එහෙම මිය යන්නේ දේශපාලනය කළ අයෙක් නම් තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි.

මෑත කාලීනව ඊට ඕනෑ තරම් උදාහරණ අපි දැක්කා.

නමුත් ඒ මිය ගියේ හදවතින්ම ජනතාවගෙ දුක හැඳින ගත්, සාමාන්‍ය මිනිස්සුන්ගෙ පැත්තේ සිටගත් අයෙක් නම්…

පාලිත තෙවරප්පෙරුම

ඒ නමට මේ තරම් කවි ගී ලියවෙන්නේ, ශෝක පණිවුඩ ලියවෙන්නේ අන්න ඒ නිසයි.

ඡායාරූප - facebook

ඡායාරූප – facebook

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, සාමාන්‍ය ජනයාට හිතැති තෙවරප්පෙරුම මහතා ඊයේ (16දා) මරණයට පත්වූයේ සිය පුද්ගලික වත්තේ වැඩ කරමින් සිටියදී විදුලි සැර වැදීමක් හේතුවෙන් බවයි සඳහන් වූයේ..

එලෙස ඔහුගේ මරණය පිළිබඳ පුවත වාර්තා වූ තැන සිට, මේ දක්වාම සමාජ මාධ්‍ය පුරා ඔහු වෙනුවෙන් ලියවෙන දෑ බොහෝයි. ගුණ වැයීම් බොහෝයි.

ඒ, මෑත කාලීනව දේශපාලනයේ නියැලුණු චරිතයකට නොදැක්වූ අවසන් ගෞරවයක් තෙවරප්පෙරුම නාමයට ලබාදෙමින්.

”පාලිත තෙවරප්පෙරුම අද දිවි ගමනෙන් නික්ම යන්නේ තවත් පණිවිඩයක් ඉතිරි කරලා.

සනත් නිශාන්ත හදිසි අනතුරකින් මිය යාම එක්ක සමාජ මාධ්‍ය තුල ඊට ප්‍රතිචාර දක්වපු ආකාරයක් තිබුනා.

බොහෝ විට අනෙකුත් මන්ත්‍රී වරුන් එය සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ හෝ නූතන පරම්පරාවේ නොහික්මීමක් බවට අර්ථ නිරූපනය කරන්න උත්සාහ කරා.

නමුත් අද අපිට සමාජ මාධ්‍ය තුල දකින්න ලැබෙන්නේ වෙනස් ම ආකාරයේ වටපිටාවක්.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ශෝකය පලකරන වටපිටාවක්.

ඔබ මිය යන දවසක ඔබට සමාජයෙන් ලැබෙන්නේ ඔබ ජීවත් ව සිටින විටක කල කී දේ ප්‍රතිඵල.

පාලිත තෙවරප්පෙරුම අද ඒ පණිවිඩය නැවත නැවත සනාථ කරනවා.

පාලිත තෙවරප්පෙරුම ,

ඔබට නිවන් සුව”

Monara
Monara

පාලිත තෙවරප්පෙරුම මිය යන්නේ සිය අවසාන ගමනට සියල්ල සූදානම් කරලා.

ඒ ගැන ඔහු කිහිප අවස්ථාවකදී ම කියලත් තිබුණා.

ඒ එක තැනකදී හද සංවේදී කරන ”හමාර බණවර” ගීයට ඔහු තමන්ගේ ම හැඩයක් එක්කාසු කරලා තිබුණා.

මීට වසර කිහිපයකට ඉහත මියගිය සිය වැඩිමල් පුතු ගැනත් සඳහන් කරමින් ලියවුණු එහි, වඩාත් තදින් දැනුණු පද පේළි කිහිපයයි මේ…

“….වත්තෙ වැව ළඟ නිසල නිවහන මම ම හැදුවා පොඩි පුතේ

මගේ තනියට ලොකු පුතා ඇති සොයාගන්නම් හෙට උදේ…”

Monara

ජීවත්ව සිටි කාලයේ සාමාන්‍ය ජනයා වෙනුවෙන් විවිධ වූ පොදු කටයුතුවල නියැලුණු ඔහු, අද නිසොල්මන උන්නද දසත රැව්දෙන්නේ ඒ කළ ”යහපත් ක්‍රියාම” පමණක් බවත් කිව යුතුමයි….

”නිවන්සුව ලැබේවා චංඩි මාමා…

ඔයා අපිට වීරයෙක්..

පක්ෂ වලින් තොර ජනතා නායකයෙක්…

දුප්පතා⁣ගේ සැබෑ හිතවතෙක්..

කිව්වොත් කරන යකාටවත් බය නැති සැබෑ චන්ඩියෙක්…

වරදක් නම් කාට උනත් දඩුවම් කරන කොන්ද කෙලින් තියන් වැඩක් කල නායකයෙක්…

ඉස්සර මතුගම කුණු පාරවල්වල පවා…ඔයා ආවා සභාපති වෙලා..

කුණු කානාවල බැහැලා සේවකයට ආදර්ශයක් උනා වැඩේ කරන්න…

ඉස්සර ඉස්කෝලේ ළමයි මතුගමට එන්න කලින් ප්‍රාදේශීය සභාවෙන් කුණු අයින් කරලා තියෙන්න ඕනේ නැත්නම් ගුටි…

කාටවත් හොරකම් කරන්න ඉඩක් තිබ්බේ නෑ

පාරවල් කොන්ත්‍රාත් දුන්නේ නෑ සභාවේ සේවකයෝ දාලා කෙරෙව්වා..ඒවායෙන් සභාවට ලක්ෂ ගාණක් ලාභ තිබ්බා..

මතුගම ආදාහනාගාරය හැදුවා ලස්සනට..සුද්දෝ ඇවිත් හොටෙල් එකක් කියලා හිතලා රූම් ඉල්ලන තත්වෙට වැඩේ කලා..

කොහෙද ප්‍රශ්නයක් අසාධාරණයක් වෙන්නේ ඔයා එතන…

2007 දී වගාවක් කරා…මුළු වගාවෙම මඤ්ඤොක්කා ටික තම්බ තම්ම AL ක්ලාස් වල ළමයින්ට පංති වලට ගෙනත් දෙනවා ඉරිදට සෙට් එකත් එක්ක..

කොරෝනා වෙලාවේදි සිංහල මුස්ලිම් දෙමළ සියළුම දෙනාට ඇතිවෙන්න කන්න දුන්නා…වෙන මුකුත් නැතත් ඒ පිණම ඇති ඔයාට…

ඔයා සැබෑ චංඩියෙක්..

සැබෑ දේශපාලඥයෙක්..

සැබෑ ජනතා හිතවාදියෙක්…

හිත හොද මාර මනුස්සයෙක්…

සහනා නැතිඋන දවසේ වගේමයි…

අද මුළු මතුගමම මළගෙයක්..

මේකයි සැබෑ ජනතා ආකර්ෂණය සැබෑ දේශපාලනය

නිවන්සුව ලැබේවා පාලිත මාමා…”

තෙවරප්පෙරුම මහතා වෙනුවෙන් පළ වුණු සංවේදී සටහන් කිහිපයක් පහතින්….

Monara
Monara
Monara
Monara
ඡායාරූප - facebook

ඡායාරූප – facebook

උපුටා ගැනීම: www.monara.com

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments