Saturday, July 27, 2024
HomeLocal Newsකැළණියේ නයා රෑපවාහිනියට ආ හැටි දිලිත් ගෙන් එලියට!

කැළණියේ නයා රෑපවාහිනියට ආ හැටි දිලිත් ගෙන් එලියට!

තමන් ජනාධිපති සිහිනයේ සිටින පුද්ගලයෙකු නොවන බවත් රටේ සුසුමාදර්ශි වෙනසක් කිරීම සඳහා තමන් කැප කිරීමක් කිරීමට සූදානම් බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පවසනවා.

ඊයේ (16) “මොනරා ටීවි” තුලින් විකාශය වූ “චෙක් මේට්” සජීවි සංවාදය සඳහා සහභාගී වෙමින් ඔහු මේ බව පැවසූ අතර එහිදි කැලණියේ නාගයා සම්බන්ධවද ඔහු අදහස් පළ කලා.

“ඔබ මාධ්‍යවේදියෙක්ව හිටියානම් ඔබ එවලේ ප්‍රවෘත්ති සංස්කාරක ලෙස ඔබට කළ හැකිව තිබුනේ කුමක්ද යන ප්‍රශ්ණය ඇහුවානම් මගේ උත්තරය ඔබට මම මේ ප්‍රවෘත්තිය ගහන්නේ ඔතන නෙමේ ඉස්සෙල්ලාම. මොකද මේ මතුවුනේ නාලිකාවක ගෙන ආපු නාග රාජයෙක් නෙමෙයි. ලංකාවේ ශිෂ්ටාචාරය තුල, ‌බෞද්ධ සභ්‍යත්වය තුල වඩාත් ගරු කරන තැනක් වන, වරක් වැන්දොත් සියලු පව් නැතිවන කැළණියේ රජමහා විහාරයේ සහ මේ ප්‍රවෘත්තිය අපිට ලබා දෙන්නේ මහාචාර්ය කැලණියේ මහින්ද සංඝරක්ඛිතඛිතයක හාමුදුරුවන්.

ඔය ප්‍රවෘත්තිය ගෙන ගිය එකම නාලිකාව දෙරණ නාලිකාව නෙමෙයි. මේ ප්‍රවෘත්තිය ලබා දෙන ප්‍රාදේශීය වාර්තාකරු කතෝලික භක්තිකයෙක්. ඔහු ප්‍රවෘත්ති සංස්කාරකට කියනවා. ඔබ මේක ගණන් ගත්තේ නැතිවුනාට ඇවිල්ලා බලන්න ඇවිල්ලා ඉන්න සෙනග. මොකද ප්‍රවෘත්ති සංස්කාරකවරයා අහනවා කොහොමද එහෙම එකක් වෙන්නේ කියලා.

නිර්මාණාත්මක ප්‍රවෘත්තියක් නිර්මාණය කරා නම් ඒක පිටුපස හිටියේ අපිට විශාල ගෞරවයක් තියන මහින්දරක්ඛිත හාමුරුවන්. උන්වහන්සේ දේශපාලනිකව හිටපු කඳවුරක් නෙමෙයි මේ. උන්වහන්සේ විසින් නිර්මාණය කලා යැයි උපකල්පණය කරන්න විදිහකුත් නෑ.

මම විද්‍යාත්මක දැන්වීම්කරණයේ යෙදෙන කෙනෙක්, මම විශ්වාස කරන්නේ උපායමාර්ගික දැන්වීම්කරණය. ඔබ හිතනවා වගේ මේවගේ උපක්‍රම හෝ මෙවැනි දේවල් අපේ දේශපාලන දැන්වීම්කරණයේදී අපි භාවිතා කරන්නේ නෑ. ඒකට හේතුව මම විශ්වාස කරන්නේ නෑ මේකෙන් කිසිම දේශපාලනයට බලපෑමක් වුණා කියලා ප්‍රථිපලයට ඒකට. මොකද ඒක සක්සුදක් සේ පැහැදිලියි මම සමීක්ෂණ මත පදනම්ව කටයුතු කරන කෙනෙක්. ගෝඨාභය මහතාගේ ජයග්‍රහණය පිලිබඳ අපිට සමීක්ෂණ තිබුනා, විද්‍යාත්මක සමීක්ෂණ. ඒ සමීක්ෂණ එදා රෑ කරපුවා නෙමෙයි.

ජනාධිපතිවරණයට, ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත්වෙනවා කියලා මම කොහෙවත් කියලා නෑ. ඒක අභිලාෂයක්. ඒක ජනතා අභිලාෂය හා සැසඳුන විගස එය ඒසේ වීමට හැකියාවක් තිබෙනවා. මම ජනාධිපති සිහිනයේ ඉන්න පුද්ගලයෙක් නෙමෙයි. මට පෞද්ගලික අභිලාෂයක් නෑ. මේ රටේ ජනාධිපති සිහින, උණ, ලෙඩ එහෙම රෝගී තත්ත්වයකින් මම පෙලෙන්නේ නෑ. මම බොහොම අවංකව විශ්වාස කරනවා මේ රටේ සුසුමාදර්ශි වෙනසක්. ඒ සුසුමාදර්ශි වෙනස සඳහා කැප කිරීමක් කිරීමට මම කැමති කියලා මම ප්‍රකාශ කරලා තියනවා.”

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments