Saturday, November 23, 2024
HomeLocal Newsඅධිකරණයට අපහාස කරලා ? හිරුනිකා උසාවියට කැඳවයි!

අධිකරණයට අපහාස කරලා ? හිරුනිකා උසාවියට කැඳවයි!

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙන් මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබේ. 

ඌව පළාත් ආණ්ඩුකාර ඒම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයා වන ව්‍යාපාරික හාඩි ජමාල්ඩින් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙසේ නොතිසි නිකුත් කිරීමට නියෝග කළහ.

 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වූ වග උත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පසුගියදා ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා විසින් කාන්තාවකට පහර දීමේ සිද්ධියෙන් අනතුරුව ඔහු ඇපමත මුදාහැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය විවේචනය කරමින් කරුණු ඉදිරිපත් කළ බව පෙත්සමේ සඳහන් කර තිබේ.

මේ තුළින් වග උත්තරකාරිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සුදුසු විභාගයක් පවත්වා ඇයට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments