Monday, September 16, 2024
HomeLocal Newsජනාධිපතිවරණය නොවැම්බර් - රනිල් නව සලකුණකින් දිනන සටනට!

ජනාධිපතිවරණය නොවැම්බර් – රනිල් නව සලකුණකින් දිනන සටනට!

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග කරන බව‌ට wion ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්.

පක්ෂ කිහිපයක් සමඟ හවුල් වී ජාතික අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයට ඉදිරිපත් වනු ඇති.

ඔහු වෙනත් ඡන්ද ලකුණක් යටතේ තරග කරන බවයි, ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා අනාවරණ කර ඇත්තේ.

මේ වනවිටත් දේශපාලන පක්ෂ රැසක් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත් ඒවා සාර්ථක වී ඇති බවත් සඳහන්.

ජාතික අපේක්ෂකයා වශයෙන් අලියා, පොහොට්ටුව හා හංසයා හැර වෙනත් ලකුණකින් තරග කිරීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා දේශපාලන කණ්ඩායම් සමඟ සාකච්ඡා කරමින් සිටින බව පසුගියදා (09) ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

අලියා ලකුණින් තරග කළහොත් පොදුජන පෙරමුණ ඇතුළු ඊට පක්ෂපාතී දේශපාලන පක්ෂවල සාමාජිකයන්ගේ ඡන්දය හිමිවීමේ සම්භාවිතාව අඩු බව ඔහුගේ අදහසයි.

පොහොට්ටුව ලකුණින් තරග කළහොත් එජාපයට හිතවත් පාක්ෂිකයන් හා දේශපාලන කණ්ඩායම්වල සහාය නොලැබීමටත් ඉඩ තිබෙන බව ද ආශු මාරසිංහ මහතා අවධාරණය කළා.

පසුගිය මැතිවරණවලදී හංසයා ලකුණින් තරග කර තිබෙන බැවින් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වෙනත් දේශපාලන ලකුණක් කෙරෙහි අවධානය යොමුකරන බව සඳහන්.

ඒ අනුව ලකුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා වී ඇති නමුත් අවසන් තීරණයක් ගෙන නැහැ.

ඒ අනුව මෙම වස‌රේ නොවැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව ද අදාළ කාලය මැතිවරණයක් පැවැත්විය යුතු බවට මීට පෙර දැනුම් දී තිබුණා.

පසුගිය මාසයේ දී ජනාධිපතිවරණය ප්‍රථමයෙන් පවත්වන බවත් ඉන් අනතුරු මහමැතිවරණ පවත්වන බවත් රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නා.

මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් මිලියන 100කට අධික මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති අතර ඊට කැබිනට් අනුමැතිය ද හිමි වුණා.

උපුටා ගැනීම : www.monara.com

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments