Tuesday, October 22, 2024
HomeLocal News එක් වරකට කිලෝ පහක් පමණයි!

 එක් වරකට කිලෝ පහක් පමණයි!

මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළදසැල් ජාලයක නාඩු සහල් අලෙවි කිරීම සඳහා සීමා පනවා ඇත.

ඒ අනුව එක් පාරිභෝගියෙකුට එක් වරකට ලබා ලබාගත හැක්කේ කිලෝ පහක් පමණි.

වෙලදපලේද මේ දිනවල නාඩු සහල්වල හිගයක් දක්නට ඇත.

වෙලදුන් සඳහන් කරන්නේ මහා පරිමාණ මෝල් හිමියන් නාඩු සහල් නිකුත් කිරීම සීමා කර ඇති නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

ඇතැම් මහ පරිමාණ තොග මෝල් හිමියන් නාඩු සහල් කිලෝ 5000ක් ලබා ගැනීමට නම් කීරි සම්බා කිලෝ 15,000ක් ලබා ගැනීම අනිවාර්ය කර ඇති බවද ඔවුන් කියා සිටිති.

මෙවන විට වෙළඳපළේ නාඩු සහල් කිලෝවක් අලෙවිවෙමින් ඇත්තේ රුපියල් 220 ඉක්මවූ මිලකටය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments