Sunday, November 24, 2024
HomeLocal Newsශිෂ්‍යත්ව පේපරේ වට්ස්ඇප් කලාට වැඩ තහනම් කල තිදෙනා!

ශිෂ්‍යත්ව පේපරේ වට්ස්ඇප් කලාට වැඩ තහනම් කල තිදෙනා!

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර වට්ස්ඇප් මාර්ගයෙන් බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර රත්මලේ තිස්ස විදුහලේ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපතිවරයා, නිරීක්ෂක සහ එහි සේවය කළ තවත් ගුරුවරයෙකුගේ වැඩ තහනම් කිරීමට නිර්දේශ ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

උතුරුමැද පළාත් විභාග කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලබාදුන් වාර්තාවෙන් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සුදුසුයැයි අනුමත කර පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමුකර ඇති බව වාර්තා විය.  

මේ අතර මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට තහවුරු වුවහොත් එම විභාගය නැවත පැවැත්වීමේ හැකියාව පවතින බව, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසන්නීය.

අද (20) කොළඹ පැවති ප්‍රවෘත්ති සාක්ච්ඡාවකදී ඇය ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන තෙක් විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. 

පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා පවත්වනු ලැබූ 2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2,849කදී දූ දරුවන් 323,7879ක් පෙනී සිටියේය.

කෙසේවෙතත්, විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවූ බවට අනාවරණ වීමත් සමඟ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූ අතර, පසුගිය දින කිහිපයේදීම මව්පියන් විභාග දෙපාර්මේන්තුව ඉදිරිපිට ඇතුළු ප්‍රදේශ රැසකදී විරෝධතාවල නිරත වූයේ සිය දරුවන්ට සාධාරණය ඉල්ලමිනි.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments