Thursday, September 19, 2024
HomeLocal Newsෆේස් ටු ෆේස් විවාදයකට එන්න - අනුරගෙන් රනිල්ට අභියෝගයක්!

ෆේස් ටු ෆේස් විවාදයකට එන්න – අනුරගෙන් රනිල්ට අභියෝගයක්!

‘මා මිත්‍ර අනුර’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිතර නිතර අමතන්නේ ඉදිරි ආණ්ඩුවක් යටතේ ඇති දඬුවම්වලින් ෂේප් වීමට බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නමුත් තමන් ඒවාට අහුවෙන්නේ නැති බවත් තම රජයක් යටතේ පළමුකොටම බැඳුම්කර වංචාවේ වරදකරුවන්ට දඬුවම් ලබා දෙන බවත් හෙතෙම පැවසුවේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ට කිහිප විටෙකදීම වේදිකාවන්හිදී ප්‍රශ්න කිහිපයක් යොමු කර ඇති බවද ඔහු පැවසූ ඔහු ඒවාට විටින් විට උත්තර දීමට සූදානම් නැති බවද සඳහන් කළේය.

ඒ වෙනුවට දෙදෙනා සමග සජීවී විවෘත විවාදයක් සඳහා ආරාධනා කරන බවද එවිට දෙනාටම ඇති ප්‍රශ්න දෙදෙනාටම විමසා දැන ගත හැකි බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ජාතික ජන බලවේගය විසින් ආනමඩුවේදී පවත්වන ලද ජන රැුලියකදී ඔහු මෙ අදහස් පල කරන ලදී.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments