Monday, September 16, 2024
HomeLocal Newsගෑස් සිලින්ඩරය දිනවන්න බාර් පර්මිට් හා අත්පිට මුදල්!

ගෑස් සිලින්ඩරය දිනවන්න බාර් පර්මිට් හා අත්පිට මුදල්!

ජනාධිපතිවරයාට සහය දැක්විම සදහා එක්වන මන්ත්‍රිවරුන් රැසකට මත්පැන් අලෙවි බලපත්‍ර සහ මුදල් ලබා දි ඇති බවත් එක් මත්පැන් බලපත්‍රයක වටිනාකම රු කොටි පහක් පමණ වන බව එක් මත්පැන් බලපත්‍රයක වටිනාකම රු කොටි පහක් පමණ වන බවත්, ජනාධිපතිවරයා වටා එක් වි ඇති විවිධ දේශපාලන පක්ෂවල මන්ත්‍රිවරුන් රැසක්ම දුෂණ සහ වංචා රැසකට චෝදනා ලබා සිටින අය බවත් කදුරට ජනතා පෙරමුණේ නායක සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරිම සදහා (17) දින හැටන් නගරයේ මාධ්‍ය හමුවක් කැදවමින් වි.රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බැව් පැවසිය.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා කියා සිටියේ රටේ හිටපු ජනාධිපතිවරුන් ජාතිවාදය සහ කුල භේදය වපුරා බලයේ රැදි සිටි බවත්, වසර 40 කට පසු මේ රටේ සියළුම ජාතින් එකට එකතු කරමින් රට සංවර්ධනය කරා රැගෙන යන එකම ජනාධිපති අපෙක්ෂකයා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බවයි.

සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ 50% කට වඩා ජන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජනාධිපතිවරයා බවට පත් විමෙන් පසු වත්මන් ජනාධිපතිවරයා විසින් ජන්දය ඉලක්ක කර ගනිමින් නිකුත් කරන ලද සියළුම මත්පැන් බලපත්‍ර අවලංගු කරන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා වට එක් වි සිටින පිරිස මේ රටේ අනාගතය ගොඩනැගිමේ කාර්ය භාරය සදහා එක් වි සිටින බවත්, එම පිරිස සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් නොමැති බවයි රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා කියා සිටියේ.

වතුකරයේ ජනතාව මෙවර සජිත් ප්‍රේමදාස මහතාට ජන්දය භාවිතා කිරිමට සුදානම් වි සිටින බවත්, එම ජනතාව කිසිදු අයෙකුට මුලා කල නොහැකි බවයි රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments