Thursday, September 19, 2024
HomeLocal Newsඅලි පොහොට්ටු නඩ කා කොටා ගනී - රනිල් අවුල් ජාලයක!

අලි පොහොට්ටු නඩ කා කොටා ගනී – රනිල් අවුල් ජාලයක!

පොහොට්ටුවෙන් ගත් පාර්ශ්වය සහ නියම එජාප නායකයින් අතර මේ වනවිට කා කොටා ගැනීම් දරුණුම තත්ත්වයකට ගොස් ඇති බව වාර්තා වේ. නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ අපේක්ෂකයා වීමත් සමඟ, රනිල් වික්‍රමසිංහ තමන් පරාජයට පත් වන බව තමන්ට සහය දීමට පැමිණි සියළු කණ්ඩායම්වලට දැනුම් දී ඇත. ඉතාමත් කම්පනයට පත් වූ රනිල්, සියළු හමුවීම් සහ රැස්වීම් අවලංගු කර නුවරඑළිය බලා පිටත් විය. එය හිරු ටී වී Off the Record වැඩසටහනේ ප්‍රචාරය වීමත් සමඟ මේ තත්ත්වය ඉතාම බරපතල තත්ත්වයකට පත්ව තිබේ.

රනිල්ගේ මාතර දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලය ආරම්භ කිරීමේදී, රනිල් වෙනුවෙන් පෙරමුණ ගත් කංචන විජේසේකර කපා දමා සාගල ඉදිරියට ඒම පිළිබඳව, කංචනගේ ආධාරකරුවෝ ඔහුගේ මුහුණටම සිය අප්‍රසාදය පල කර ඇති බව සැලයි. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ නායකත්වය දැරූ රමේෂ් පතිරණ පැත්තකට දමා, ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ මෙහෙයුම් නායකත්වයට වජිර අබේවර්ධන පත් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් නායකත්වය දරපු රෝහිත අබේගුණවර්ධන පැත්තකට දමා, දිස්ත්‍රික් නායකත්වය ලබා දී තිබෙන්නේ විදුර වික්‍රමනායක වෙතටයි. ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු නායකත්වය දැරූ ප්‍රසන්න රණතුංග පැත්තකට දමා, එය ලබා දී ඇත්තේ රුවන් විජේවර්ධනට වන අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රනිල් සමඟ එක් වූ අනුර ප්‍රියදර්ශණ, ඩී.බී. හේරත් වැන්නවුන් කපා දමා දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් නායකත්වය අකිල විරාජ් කාරියවසම්ට ලබා දී තිබේ. රත්නපුර දිස්ත්‍රික් නායකත්වය පවිත්‍රාට ලබා දීමට සැරසුණු එජාප නායකත්වයට, ප්‍රේමලාල් ජයසේකර විසින් අමු තිත්ත කුණුහරපෙන් අමතා, නැවත පොහොට්ටුවට එක් වී ඇති බව වාර්තා වේ.

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගෙන් හිස්වුණු ඇමති ධූර වලට, පොහොට්ටුවෙන් පැන්න දෙදෙනෙක් නම් කරද්දී, රනිල් වික්‍රමසිංහ එය ප්‍රතික්ෂේප කර තිබේ. ක්‍රීඩා ඇමති කම ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා සහ විදේශ කටයුතු සහ කම්කරු අමාත්‍ය ධූරය එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍ය වරයා ඉල්ලා සිටි නමුත්, රනිල් වික්‍රමසිංහ විසින් එම නම් දෙකම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව පොහොට්ටු මන්ත්‍රීන් දැඩි කළකිරීමට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා මෙහෙයුම ආරම්බ කර ඇති ලෝරි පටුමඟ කාර්‍යාලයද මේ දිනවල උභතෝකෝටික ගැටළුවකට මුහුණ දී තිබේ. එජාපය සතු ෆේස්බුක් පිටු ඩොලර් දහස් ගණනින් මුදල් යොදා, බූස්ට් කරද්දී, පොහොට්ටුවෙන් ලබා ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සිටින ලෝරි මාවතෙන් කරන පිටු බූස්ට් කිරීමට මුදල් ලබා නොදීම නිසා, එම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද කළකිරීමට පත්ව සිටී. නාමල් රාජපක්ෂ ජනපති අපේක්ෂකයා වීමත් සමඟ, ඔහුට විරුද්ධව කැම්පේන් කල නොහැකි බව, එම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්, එහි ප්‍රධානී සුසාර දිනාල් වෙත කියා තිබේ.

පොහොට්ටුවේ දෙවන පෙළ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගනිමින්, ඉතා වේගයෙන්, දැවැන්ත ශක්තියක් නිර්මාණය කරමින් සිටින නිසා, පැනපු ගෙම්බා මාක් ඇමතිවරුන්ට හා මන්ත්‍රීන්ට ගමේ පාක්ෂිකයාගෙන් දැවැන්ත විරෝධයක් එල්ල වෙමින් තිබේ. ඒ නිසා තත්ත්වය තව දුරටත් උග්‍ර වී තිබේ.

රනිල් වික්‍රමසිංහ නාම යෝජනා අත්සන් තැබීමේ උත්සවය යෙදී තිබුනේ, අද (13) උදෑසන 9.27ටය. එය මේ වන විට අවලංගු කර ඇති අතර, ඒ පිළිබඳව මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ විසින් වෙලාවක් ලබා දී නොතිබීම පිළිබඳවද එජාප සහ ගෙඹි පොහොට්ටු ඇමති මැතිවරු අන්ද මන්ද වී සිටින බවත් වාර්තා වේ.

ඒ වගේම උද්ගතවන හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා පොහොට්ටුවෙන් පැනපු මැති ඇමතිවරුන් වෙනම සන්ධානයක් සදාගැනීමේ අදහස ආරංචි වීමත් සමඟ, රනිල් වික්‍රමසිංහ දැඩි කෝපයට පත් වී ඇති බවටද තොරතුරු වාර්තා වේ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments