Monday, September 16, 2024
HomeUncategorizedක්ලබ් වසන්ත මරන්න ලොකු පැටී හිතා ගන්නත් බැරි මුදලක් වියදම් කරලා!

ක්ලබ් වසන්ත මරන්න ලොකු පැටී හිතා ගන්නත් බැරි මුදලක් වියදම් කරලා!

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමෙන් අනතුරුව වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසූ වෑන් රථයේ රියදුරු හා බස් රථයේ රියදුරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අද අත්අඩංගුවට ගැනුණා.

අනතුරුව ඔවුන් දෙදෙනාව අගෝස්තු මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ.

පොලිසිය මෙම සැකකරුවන් දෙදෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකළද විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එම ඉල්ලීමට විරෝධය පළ කළා.

ඒ අනුව කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් වෙඩිතබා ඝාතනය කෙරුණේ පසුගිය 8 වනදාය.

එහිදී ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකුට බරපතළ තුවාල ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ සවස අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත අතර ඉන් එක් සැකකරුවකු වෙඩික්කරුවන් සහ ඔවුන් පැමිණි මෝටර් රථයේ රියදුරුවරයාට පළායාම සඳහා සහාය වූ අයෙක්.

36 හැවිරිදි එක් අයෙකු අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මෙම ඝාතනය මෙහෙය වූ ඩුබායී හී සැඟව සිටින ලොකු පැටී නැමැත්තාගේ ඥාතියෙක් බව සදහන්.

ලොකු පැටී නැමැත්තා සැකකරු සමග අදාළ කාල සීමාව තුළදී වට්ස්ඇප් මඟින් සම්බන්ධවී ඇති අතර ඔහුට ඒ සඳහා ලොකු පැටී විසින් රුපියල් 120,000ක මුදලක් ලබාදී ඇතැයිද අනාවරණ වී තිබේ.

එමෙන්ම 26 හැවිරිදි වෑන් රථයේ රියදුරු මීගම ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්ඳෙක් වන අතර ලොකු පැටී විසින් ඔහුට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති බවද පොලීසිය සඳහන් කරනවා.

මේ අතර ලොකු පැටී නම් අපරාධකරු විසින් ක්ලබ් වසන්ත ඝාතනය සඳහා රුපියල් කෝටියක පමණ මුදලක් වියදම් කර ඇති අතර එවැනි මුදලක් වියදම් කර මෙම ඝාතනය සිදුකිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් පොලීසියට අනාවරණ වී නැහැ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments