Monday, September 16, 2024
HomeUncategorizedගංජා කොස්තාපල්ගේ වැඩ තහනම්!

ගංජා කොස්තාපල්ගේ වැඩ තහනම්!

වාහනයක් පරික්ෂා කරන අතර වාහනයට ගංජා පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවට මේ වනවිට බරපතල සමාජ අපවාදයකට ලක් වී සිටින පොලිස් නිලධාරියා වැඩ තහනමකට ලක් කර තිබේ.

කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝගයට අනුව මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ පොලිස් කොස්තාපල් ( 90827) තවරාසා සුදර්ශන් නැමැති නිලධාරියා ය.

කොල්ලුපිටිය පොලිසියට අනුයුත්ව පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් රාජකාරිවල යොදවා සිටිය දී ආනන්ද කුමාරස්වාමි මාවත සහ කර්නල් ටි.ජයා මාවත අතර ක්ෂණික ආරක්ෂක මාර්ග බාධක යොදවා කරන ලද මෙහෙයුමක දී මෙම නිලධාරියා මෙම ආන්දෝලනාත්මක චෝදනාවට ලක් වූ අතර ඔහු ගේ හැසිරීම සම්බන්ධව වීඩියෝ පට සමාජ මාධ්‍ය පුරා වයිරල් වෙමින් සංසරණය වූයේය.

රියදුරු හෝ රථයේ ගමන් ගත් වෙනත් පුද්ගලයෙක් තබා සහායක නිලධාරියෙකුවත් ලඟ තබා නොගෙන රථය පරීක්ෂා කිරීම, නඩු භාණ්ඩ ලෙස ගංජා මත්ද්‍රව්‍ය හමුවූයේ නම් එම මත්ද්‍රව්‍ය ආරක්ෂා කර නොගැනීම, රාජකාරි වෙලාවේ නිල ඇඳුමක් ඇඳගෙන බුලත්විටක් සපමින් මහජනයාට අප්‍රසන්න ලෙස හැසිරීම, සමාජ මාධ්‍ය ජාලාවල සිද්ධිය පැතිරී යමින් මෙම නිලධාරියාට දැඩි චෝදනාවක් එල්ලවීම යන කාරණා මුල් කරගෙන මෙම වැඩ තහනම ක්‍රියාත්මක කර තිබේ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments