Sunday, September 8, 2024
HomeLocal News"කංජිපානිගෙන් ප‍්‍රකාශයක්" ක්ල්බ් වසන්ත මැරුව හේතුවත් කියයි!

“කංජිපානිගෙන් ප‍්‍රකාශයක්” ක්ල්බ් වසන්ත මැරුව හේතුවත් කියයි!

වසන්ත සුරේන්ද‍්‍ර පෙරේරා නොහොත් කල්බ් වසන්ත ඝාතනය කිරීමට හේතුව මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට ඔත්තු දීම බව එම ඝාතනය මෙහෙයවූ මහ මොලකරු යයි කියන කන්ජිපානි ඉම්රාන් පවසා ඇතැයි වාර්තා වෙයි.


මාකදුරේ මදුෂ් අත් අඩංගුවට ගැනීමට ප්‍රබලතම ඔත්තුව ලබා දුන් පුද්ගලයා ලෙස ක්ලබ් වසන්ත හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කර තිබේ.


මේ අතර මාකඳුරේ මදුෂ් සම්බන්ධයෙන් විමර්ශන කළ කොළඹ අපරාධ කොට්ඨාසය හා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද ඝාතනය කරන බවට කජ්ජිපානි ඉම්රාන් පවසා ඇතැයි ද සඳහන් වෙයි.


එ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ.


කන්ජිපානි ඉම්රාන් හා මාකදුරේ මදුෂ් ඉතා සමීප මිතුරන් බවත් පැවසෙයි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments