Sunday, September 8, 2024
HomeLocal Newsඅපි වර්ජන කරන්නේ නෑ!

අපි වර්ජන කරන්නේ නෑ!

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කිසිදු වැඩ වර්ජනයකට සම්බන්ධ නොවන බව එහි සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (11) පස්වරුවේ පැවැති රැස්වීමකට එක්වෙමින්.

“මෙතැනින් එහාට මේ දුෂ්ඨ පාලනය පෙරලළා, ජනතාවාදී පාලනයක් ස්ථාපිත කරගන්න තියෙන අවස්ථාවේ අපි උද්ඝෝෂණ, සටන්, අරගල ඔක්කෝම කරන අතර ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විදිහට අපි කිසිදු වැඩ වර්ජනයකට සම්බන්ධ වන්නේ නැහැ. ස්ථිරයි.. කිසිදු වැඩ වර්ජනයකට සම්බන්ධ වන්නේ නැහැ මේ කාලය තුළ. මේක විශේෂ තත්ත්වයක්. මේ වෙලාවේ සටන වැඩ වර්ජනය නොවෙයි. ඒකයි. ඒ නිසා අපි අනෙකුත් වෘත්තීය සමිතිවලට යෝජනා කරනවා. වර්ජනය කරන්න ඔනේ කියන අයට යෝජනා කරනවා. අපි එකතුවෙලා පාලකයෝ පන්නමු. ඒක වැදගත් මේ වෙලාවේ.”

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments