Friday, September 20, 2024
HomeLocal Newsඅද රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්!

අද රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්!

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් මේ වන විට ධාවනයට සූදානම් කර ඇති තැපැල් දුම්රියන් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් හෙට දිනයේ දී ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය කිහිපයක් අවශ්‍ය නිලදාරීන් යොදවා ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කරමින් සිටින බවත් සඳහන්.

මෙම වර්ජනය හේතුවෙන් හෙට (10) දිනයේදී දුම්රිය ගමන් වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍ර උපයෝගී කරගනිමින් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය පහසුකම් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සලසා ඇති බවත් වාර්තා වෙනවා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments