Thursday, September 19, 2024
HomeUncategorizedඊළඟ ඡන්දෙදී ඇඟිල්ලේ තීන්ත අවශ්‍ය නෑ!

ඊළඟ ඡන්දෙදී ඇඟිල්ලේ තීන්ත අවශ්‍ය නෑ!

මැතිවරණයකදී ඇඟිලි පාට කිරීමේ ක්‍රමවේදය තවදුරට ත් අනවශ්‍ය බව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘මව්බිම’ට පැවසීය.

මැතිවරණ ක්‍රියාවලියේදී 2010 වසරෙන් පසු පුද්ගලයන් ලියාපදිංචි කිරීම පරිගණක ගත කර තිබෙන නිසා යම් පුද්ගලයෙක් ස්ථාන දෙකකදී ඡන්දය දීම සටහන් වුවහොත් නිලධාරීන්ගේ අධීක්ෂණයට යටත් වන බව ඔහු කීවේය.

ඒ අනුව, ඇඟිලි පාට කිරීමේ අවශ්‍යතාව නොමැති බව ත් ඒ සඳහා යන්නාවූ වියදම අවම කර ගැනීමට හැකියාවක් පවතින බව ත් හෙතෙම අවධාරණය කළේ ය.

පෙරදී ඇඟිලි පාට කිරීම භාවිතයට පැමිණියේ එක් ඡන්ද දායකයෙක් ස්ථාන දෙකකදී ඡන්දය භාවිත කිරීම යන පදනමින් බව ඔහු කීවේය.

පුද්ගල ලියාපදිංචිය පරිගණක ගත වීමෙන් මෙම තාක්ෂණයේ සහායෙන් සමාන නම් හඳුනා ගන්නා බව ත් හැඳුනුුම්පත් අංක ආදිය පරීක්ෂාවට ලක්වන නිසා පුද්ගල ඡන්දයක් ස්ථාන දෙකකදී සටහන් වීමට කිසිසේත් ඉඩ නොමැති බව ත් ඔහු කීවේය.

එබැවින් ඇඟිලි පාට කිරීම පිළිබඳව නීති සංශෝධනයක් අවශ්‍ය බව රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

රවිශාන් ප්‍රනාන්දු

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments