Friday, September 20, 2024
HomeLocal Newsසුදු වෙන්න ගාන ක්‍රීම් වලින් වගුගඩුවට වෙනදේ දන්නවද?

සුදු වෙන්න ගාන ක්‍රීම් වලින් වගුගඩුවට වෙනදේ දන්නවද?

සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ග හේතුවෙන් වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

අද (03) පෙරවරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාතික රෝහල් සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය ඒ බව සඳහන් කළ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ලංක සෞඛ්‍ය අමාත්‍යාංශය අතර රසදිය භාවිතය සම්පූර්ණයෙන් නැති කර දමන්න වැඩපිළිවෙළක් සිදු කරගෙන යන බව ඇය පවසනවා.

මුළු සිරුරෙම රසදිය ප්‍රමාණයක් අලේප කළවිට එය සම හරහා රුධිරයට අවශෝෂණය නොවන බවට කිසිදු වකීමක් නොමැති බවත් රසදියවලින් පිළිකාවලට වඩා වකුගඩු අකර්මන්‍ය විය හැකි බව ඇය වැඩිදුරටත් පවසනවා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments